Wednesday, June 8, 2011

Whale watching at Trincomalee

ත්‍රි' මලයට එන සංචාරකයන්ට තලමසුන් බලන්න යන්න නැවක්‌

ත්‍රිකුණාමලය ලොව පුරා සංචාරකයන් අතර තවදුරටත් ප්‍රචලිත කොට එහි සංචාරක ප්‍රවර්ධනය ඇති කිරීම සඳහා නාවික හමුදාව මගින් 543 මගී ප්‍රවාහන නෞකාව ත්‍රිකුණාමලය මුහුදේ යොදවා තිබේ.

සංචාරකයන්ට මෙම නෞකාව මගින් බදාදා සහ සෙනසුරාදා දිනවල ගමන් කර මහ මුහුදේ තල්මසුන් හා මත්ස්‍ය සම්පත නැරඹීමට හැකිවන අතර එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කමාන්ඩර් කෝසල විඡේසූරිය මහතාද දෙවැනි අණදෙන නිලධාරී ලෙස ලුතිනන් කමාන්ඩර් අසේල හෙට්‌ටිආරච්චි මහතාද කටයුතු කරති.

සංචාරක හෝටල්වල නියෝජිතයන්ට මෙම ව්‍යාපෘතිය හඳුන්වාදීමේ නිරීක්‍ෂණ චාරිකාව (6 වැනිදා) පැවැත්විණි. එම චාරිකාවට පෙර එම කාර්යය නිල වශයෙන් ඇරැඹීම නැගෙනහිර නාවික ආඥපති රියර් අද්මිරාල් කොළඹගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. නැව ත්‍රි'මලේ වරායෙන් පිටත්වීsම අශ්රොෆ් ජැටියෙන් සිදුවිය. එම පළමු චාරිකාවට සහභාගි වූ නාවික හමුදා නිලධාරි පිරිස හා මහ මුහුදේ තල්මසුන් දුටු අවස්‌ථාවක්‌ ඡායාරූපවල දැක්‌වේ.

පිංතූර හා සටහන - ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි



Source: http://www.divaina.com/2011/06/08/provin01.html

No comments:

Post a Comment