Showing posts with label Public Property. Show all posts
Showing posts with label Public Property. Show all posts

Monday, March 28, 2016

Walking path destroyed (5)




වත්තල 'ජොගිං පාත්' එක මහරෑ හොරෙන් කඩයි - අපි මුකුත් දන්නේ නෑ - පොලිසිය කියයි

වත්තල ඇවිදින මංතීරුව මහ රෑ ඩෝසර් කරයි

Wattala jogging track destroyed - Even solar powered lamp posts not spared

මංතීරුව කැඩුවේ පාර පළල් කිරීමට - මහනගර හා බස්‌නාහිර සංවර්ධන මාධ්‍ය අධ්‍යක්‍ෂ

Walking track destroyed to build road for property developer
http://www.dailynews.lk/?q=2016/03/28/local/77651

Thursday, July 23, 2015

Monday, July 14, 2014

Damaging expressway mesh (3)

අධිවේගයේ ලක්‌ෂ 60ක දැල් කැපූ 5 දෙනා දැලේ

ගුවන් පාලමේ සිට තුන්හදහේන දක්වා ඇති ආරක්ෂිත වැට ගලවා එහි කොටස් කැබළි කැර අලෙවි කරලා

Rs. 6,000,000 worth of iron, mesh removed from outer circular expressway recovered

Thursday, July 10, 2014

Trees cut at state plantation (1)

රු. ලක්‍ෂ 300 ක්‌ වටිනා ගස්‌ රු. ලක්‍ෂ 37කට දුන්නැයි ඕපල්ගල වතුයායේ කම්කරුවෝ  වතු අධිකාරිවරයා කාමරයක හිරකරති

Saturday, December 31, 2011

Southern Expressway - Public Transport and Law (2 items)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම මංගල ගමන 3දා

ශීලා උඩුවර හා පණ්ඩුක සමරසේකර

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ මංගල මගී ප්‍රවාහණ සේවය ජනවාරි 3 වැනිදා සුබ නැකතින් ආරම්භ වෙයි. මංගල ගමන් වාරය එදින පෙරවරු 6 ට මහරගමින් ඇරැඹේ. මහරගම සිට ගාල්ල දක්වා එක් මගියකුගෙන් අයකරන මුදල රුපියල් 400කි.

මහරගම - ගාල්ල සහ ගාල්ල - මහරගම දිනකට ගමන් වාර 12 ක් ධාවනය වන බව ලංගම සභාපති එම්.ඩී. බන්දුසේන මහතා කියයි.මහරගමින් උදේ 6ට, 8ට, 10ට පස්වරු 12.30ට, 2.30ට සහ 4.45ටත් ගාල්ලේ සිට එම වෙලාවටම මහරගම බලා පිටත් වෙයි.

මෙම ගමන් සඳහා ලංගම ය සැප බස්රථ දෙකක් රුපියල් දෙකෝටි දහසය ලක්ෂයක් ගෙවා මිලට ගෙන තිබේ. මංගල ගමන් වාරය ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

http://www.dinamina.lk/2011/12/31/_art.asp?fn=n1112317


අධිවේගී පාරේ නීති කැඩුවොත් තරාතිරම නොබලා දඬුවම්

ප්‍රියදර්ශන ලියනගේ

මාර්ග නීති කඩ කරමින් දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කරන රියෑදුරන්ට විරුද්ධව තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට දැනුම් දී ඇතැයි වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා ඊයේ (30 දා) "දිවයින" ට පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ නියෝජ්‍ය ඇමැතිවරයා "අධිවේගී මාර්ගයේ සිදුවී ඇති රථ වාහන අනතුරුවලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ උපරිම වේග සීමාව වන පැයට කිලෝ මීටර් 100 සීමාව ඉක්‌මවා යැමයි. ඇතැම් රියදුරන් පැයට කිලෝමීටර් 150 ක පමණ වේගයෙන් රථ වාහන ධාවනය කිරීමට උත්සාහ දරනවා. එම නිසා නීතිය තදින් ක්‍රියාත්මක කරන්න රජය තීරණය කර තිබෙනවායි පැවසීය.

http://www.divaina.com/2011/12/31/news05.html

Saturday, November 26, 2011

ශැන්ග්‍රිලා ආයතනයට කොළඹ ඉඩමක්‌ විකිණීමෙන් පවරා තිබෙනවා

ඇමැති ජනක බණ්‌ඩාරනායක

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

කොළඹ හෙක්‌ටයාර් 4.45 ක ඉඩමක්‌ ශැන්ගි්‍රලා ලංකා පුද්ගලික සමාගමට රුපියල් කෝටි 1374 කට (ඩොලර් මිලියන 125 කට) විකිණීමෙන් පවරා ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (25 දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එම ඉඩඩමෙන් හෙක්‌ටයාර 2.43 ක්‌ පළමු අදියර ලෙස රුපියල් කෝටි 825 කටද, හෙක්‌ටයාර් 1.61 ක්‌ රුපියල් කෝටි 549 කට ද විකුණා ඇතැයි ඇමැතිවරයා කීවේය.

මෙම සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ හොංකොං. සිංගප්පුරු හා ශ්‍රී ලාංකික ජාතිකයන් සිටින බව ද, 2010.10.20 දා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඉදිරිපත් කළ කැබිනට්‌ සංදේශයකට අනුව මෙම ඉඩම විකිණීමට අනුමැතිය ලද බව ද ඇමැතිවරයා කීය.

එ. ජා. ප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා ඉහත ප්‍රකාශය කළේය.


http://www.divaina.com/2011/11/26/news24.html

Thursday, November 10, 2011

Revival of Underperforming Enterprises and Underutilized Assets Bill (Takeover bill) Passed (6 items)

අසාර්ථක ව්‍යාපාර පවරා ගැනීම පනත වැඩි ඡන්ද 76කින් සම්මතයි
පක්ෂව 122යි විරුද්ධව 46යි

දුමින්ද ගුරුගේ, ස්වර්ණා විජේකෝන් සහ චමීර ඇල්ලදෙණිය

පාඩු ලබන හා අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීමේ හෙවත් ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 76 කින් පාර්ලිමේන්තුමේදී ඊයේ සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122ක් ද විපක්ෂව ඡන්ද 46 ක් ද ලැබිණි.

ආණ්ඩුව සමඟ ආණ්ඩුවට සම්බන්ධ පක්ෂවල මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේය.

එ.ජා.ප.ය, ප්‍ර.ජා.සංධානයේ සහ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු විරුද්ධව ඡන්දය දුන්හ. පාඩු ලබන සහ අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා වන ඌන කාර්ය සාධක ව්‍යාපාර සහ ඌන උපයෝජිත වත්කම් යළි යථා තත්ත්වයට පත්කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට කතානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ (09) අවසර දුන්නේය.

මෙම පනත් කෙටුම්පත විවාදයට නොගන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි අතර මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදී ඇති බැවින් මෙය විවාදයට ගත හැකි බව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු පෙන්වා දුන්හ.

දෙපාර්ශ්වයේම අදහස් පිළිබඳ සළකා බැලූ කතානායක චමල් රාජපක්ෂ මහතා පනත විවාද කිරීමට අවසර දුන්නේය.

මෙම පනත විවාදයට නොගන්නා ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද විවාදයට ගන්නා ලෙස ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ද දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමෙන් පසු පස්වරු 3.10ට විනාඩි 30 කට සභාව කල් තැබූ කතානායකවරයා එම කරුණු පිළිබඳ කරුණු විමර්ශනය කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශ කළේය.

පනත් සංශෝධනයන්ට ද බෙදීමක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ඉල්ලා සිටියේය. පනතේ 5 වැනි වගන්තිය සංශෝධනය සඳහා මෙම බෙදීම ඉල්ලා සිටි අතර එයට පක්ෂව ඡන්ද 120ක් ද විපක්ෂව ඡන්ද 22 ක් ද ලැබිණි.

ඡන්ද විමසන අවස්ථාවේ ජාතික හෙළ උරුමය පක්ෂයේ මන්ත්‍රීවරු සභා ගැබේ නොසිටියහ.

http://www.dinamina.lk/2011/11/10/_art.asp?fn=n1111101


Ailing businesses revival Bill passed with 76 vote majority:
Measure to protect public interest - Minister Basil on behalf of president

Failing institutions breached almost all conditions
Bill not drafted to victimize political opponents

Sandasen MARASINGHE and Disna MUDALIGE

The revival of Underperforming Enterprises and Underutilized Assets Bill was passed with amendments with a majority of 76 votes yesterday in parliament. One hundred and twenty two legislators voted in favour of the bill whereas 46 members voted against it.

Economic Development Minister Basil Rajapaksa participating in the debate in Parliament, earlier assured Parliament on behalf of President Mahinda Rajapaksa, that no private assets or private houses would be taken over by the government under the Revival of Underperforming Enterprises and Underutilized Assets Bill when passed.

The minister made this observation during the second reading debate of the Bill.

He also said that this Bill was drafted only to take over 36 non profitable institutions.

These institutions were handed over to the private sector by the government under many conditions to earn profits, bringing benefits to the people and economy of this country.

He said that these institutions had breached almost all conditions in the agreements and the government after scrutinizing them, had taken measures to take them back.

He said that managements of some of the institutions were misusing those assets for illegal activities.

Minister Basil Rajapaksa also stated that this Bill is not drafted to victimize political opponents, pointing out that there were institutions of leading figures from the government side to be taken over under this Bill. He said that one of them was owned by an MP of the government, another by a chairman of a government corporation and another by a close associate of his and also of the President.

He stated that the Sevanagala Sugar Industries Limited had breached all conditions of the agreements. It was handed over to the private sector to export sugar and earn profits, adding that according to documents, the Sevanagala Sugar Industries Limited had not paid income tax.

Minister Rajapaksa queried as to what measures were to be taken other then taking over institutions that did not earn profits and breached the conditions of the agreement.

He said that these institutions have been handed over to the private sector to bring prosperity to the people in this country.

The minister also stated that when the fertilizer subsidy was misused by an ordinary farmer, legal action was taken against him by the government.

He also queried as to why the same law should not be applied to the large company owners who misuse the assets of the public on a massive scale.

http://www.dailynews.lk/2011/11/10/pol01.asp


Takeover Bill passed with 76 vote majority JHU, NFF abstain


By Saman Indrajith

The Revival of Underperforming Enterprises and Underutilized Assets Bill was passed by a majority of 76 votes in Parliament yesterday. The Bill received 122 votes in favour and 46 against.

The UNP, the TNA and the DNA voted against the Bill while the NFF and JHU were absent at the time the vote was taken. Ven. Medhananda thero voted with the government.

Much of the debate took place amidst heated exchanges of words between the government and opposition lawmakers.

Minister of Economic Development Basil Rajapaksa, who was the main speaker for the government defended the Bill. He said the institutions that had been earmarked for takeover had been selected after careful scrutiny and among them was property owned by a government minister as well as a Chairman of a Corporation. "There is no political motive behind this Bill, whic has been introduced to safeguard public interest," he said.

The developers of the Hilton Hotel property had defaulted on all payments to the State. Minister Rajapakse said it was prime property in Colombo which had to be better utilised.

Minister Rajapakse said: "The 6.6 acres where Hilton stands was sold to Cornel Perera for Rs. 136 million on February 7th, 1984 but on the 15h of February it was given to Lanak Property Developers by him for Rs 250 million. However, he only gave the Government Rs 27 million and promised to pay the balance in installments but that was not done."

In the case of evenagala Sugar, Minister Rajapaksa said that since taking over the property, the proprietor had failed to fulfill our conditions in his agreements with the government as well as the BOI. "If Sevenagala is running at a profit it should have been paying income tax but this has not happened,’ Minister Rajapakse said alleging that the proprietor of Sevenagala had sought permission from the Excise Department to import cane molasses which is used in the manufacture of ethyl alcohol and alleged that the motive was to produce alcohol. "The property was given out to him for manufacturing sugar not anything else," he said.

The Minister said that when the Excise Department turned it down, the owner of the Sevanagala Sugar had taken recourse to law.

The Minister also said it was not the first time such a Bill of that nature had been presented to Parliament. Previous governments too had done so, he said.

UNP Kurunegala District MP Dayasiri Jayasekara said that the Government wanted to take over the Sevangala and Pelwatte Sugar companies to hand them over to their henchmen to produce alcohol.

"The Government has already handpicked those who will be given these companies," he said.

UNP MP Karu Jayasuriya called upon the government to withdraw the Bill. The Maha Sangha including the Ven Mahanayakes, business community, chambers of commerce, the Bar Association of Sri Lanka and civil society members had requested the same. The existing laws were enough if the government wanted to acquire loss incurring enterprises and develop them. The enactment of bills of that nature did not encourage investors, Jauyasuriya said.

The debate commenced around 3.50 p,m. Acting Opposition leader John Amaratunga pointed out that time reserved for debate had been taken by other matters therefore further one hour and thirty minutes be allocated for the debate. Later, a hurriedly summoned meeting of Parliamentary group leaders decided to allocate further time to continue the debate.

Earlier in the day, Speaker Chamal Rajapaksa overruled the Opposition’s objections to a debate on the Revival of Under performing Enterprises and Underutilized Assets Bill.

Following arguments and counter arguments for over an hour on the legality of passing the new law, the Chair decided to adjourn sittings for 30 minutes to inform his decision to the House.

Around 3.40 p.m. when sittings resumed, Speaker Chamal Rajapaksa said the Bill before the House was of national importance and the Cabinet of Ministers had categorised it as an urgent one. Therefore, the passing of the Bill could not be postponed. The Supreme Court had determined that the bill was consistent with the Constitution. There were several cases filed before courts but those cases had not been granted leave to proceed and therefore the matter was not sub judice and could be taken up for debate.

The bill was passed with amendments.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=38752



ව්‍යාපාර පවරා ගැනීමේ පනත නිසා මැතිසබය උණුසුම් වේ
විපක්‍ෂයේ ඉල්ලීම කථානායක ඉවත දමයි
සභාවත් පැය භාගයකින් කල්යයි

අජිත් අලහකෝන්, ලසිත දුමින්ද

පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීම සඳහා වන ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම අත්හිටුවන ලෙසට ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම කථානායක චමල් රාජපක්‍ෂ මහතා ප්‍රතික්‍ෂේප කළේය.

විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සහ ආණ්‌ඩු පක්‍ෂයේ ඇමැතිවරුන් ඉතා උණුසුම් ලෙස තර්ක විතර්ක ඉදිරිපත් කළ අතර පනත විවාදයට ගැනීම පිළිබඳ පක්‍ෂ හා විපක්‍ෂව පැය එකහමාරක පමණ කාලයක්‌ විවාද කළහ.

මෙම පනත ගෙන එන්නේ ව්‍යවස්‌ථා විරෝධී අයුරින් බවද මේ වන විටත් පනතට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ නඩු තුනක්‌ විභාග වන බවද, විරුද්ධ පක්‍ෂය කියා සිටියේය. මෙම පනතේ සඳහන් ඉඩම්, කෘෂිකර්මය වැනි කරුණු පළාත් සභා විෂය පථයට ගැනෙන බැවින් පනත විවාදයට ගැනීම පිළිබඳ පළාත් සභාවන්හි කැමැත්ත අකමැත්ත විමසිය යුතු බව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් බවද කී විරුද්ධ පක්‍ෂ මන්ත්‍රීවරුන් එවන් අනුමැතියක්‌ පළාත් සභාවලින් ලබාගෙන නැතැයි ද කීහ. එම නිසා පනත විවාදයට ගැනීම අත්හිටුවන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.

එම තර්ක ප්‍රතික්‍ෂේප කළ ආණ්‌ඩු පක්‍ෂය මෙය හදිසි පනතක්‌ ලෙස කැබිනට්‌ මණ්‌ඩලය විසින් ඉදිරිපත් කර ඇති බවත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පනත අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්‌ ලබාදී ඇති බවත් කීහ. එම නිසා පනත් කෙටුම්පත විවාදයට ගත යුතු බව ඇමැතිවරු ද පෙන්වා දුන්හ.

දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් කථානායක චමල් රාජපක්‍ෂ මහතා සිය තීරණය දැනුම් දීම සඳහා පැය භාගයකට සභාව අත්හිටුවන ලදී. පැය භාගයකට පසු එනම් පස්‌වරු 3.40 ට සභාව යළි රැස්‌වූ අතර කථානායකවරයා සිය තීරණය දැනුම් දෙමින් මෙම පනත් කෙටුම්පත ජාතික වැදගත්කමකින් යුතු හදිසි පනතක්‌ බවට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇති නිසා එය සම්මත කිරීම කල් නොහැරිය යුතු බවද දැනටමත් පනත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එකඟ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද සඳහන් කළේය.

මෙම පනත සම්බන්ධව ඉදිරිපත් කර තිබෙන නඩු තවදුරටත් විභාග කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දීමක්‌ කර නැති බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයිද ඒ අනුව "සබ්ජුඩිකේ" නීතිය මෙහිදී අනුගමනය කළ නොහැකි බවද කී කථානායකවරයා පනත් කෙටුම්පත විවාද කිරීමට අවසර දෙන ලදී.

http://www.divaina.com/2011/11/10/news01.html


පනතට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරුවරිය වෙත

නෙල්කා මැදගෙදර

අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීම සම්බන්ධ පනත සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වී ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (9) තීරණය කළේය.

මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන්නේද යන්න තීරණය කිරීමට එම පෙත්සම් මෙස් අගවිනිසුරුවරියට යොමුකර තිබේ. එම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි කැඳවන ලෙස පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප්‍රකාශ කෙළේය.

එම පනත් කෙටුම්පතෙහි අඩංගු වගන්ති මගින් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වීම නීතියේ ආධිපත්‍යය බිඳවැටීම යනාදිය පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇති බැවින් හා එය ජනතාවට වැදගත් වන බැවින් එම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමුකරන ලෙස ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

පී. ඒ. රත්නායක, ආර්. කේ. එස්. සුරේෂ්චන්ද්‍ර, සත්‍ය හෙට්ටිගේ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් ඊයේ (09) කැඳවන ලදී.

එම පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය විමසූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙහි සාමාජිකයකු ලෙස තමන් කටයුතු කළ නිසා පෙත්සම් විභාග කිරීමට විනිසුරු රත්නායක මහතා මෙහිදී අකමැත්ත පළ කෙළේය.

තීනියාවල පාලිත හිමියෝ, සෙවනගල සීනි කර්මාන්තශාලාවේ සේවක පිරිසක් සහ උක් ගොවීන් පිරිසක් මෙහි පෙත්සම්කරුවෝ වූහ.

මෙම පනත ඇමැති මණ්ඩලය නොමග යවා මෙන්ම මුලික අයිතීන් උල්ලංඝනය වන අයුරින් සකසා ඇතැයි පෙත්සම්වල දැක්වේ.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජේ. ඩී. වැලිඅමුණ, සාලිය පීරිස් යන නීතිවේදීහු පෙත්සම්කරුවන් වෙනුවෙන් සිටි අතර වැඩබලන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටියේය.

එම පෙත්සම් නොවැම්බර් මස 15 වැනිදා නැවත කැඳවීමට නියම විය.
http://www.dinamina.lk/2011/11/10/_art.asp?fn=n1111102

පනත සම්මත වීමටත් පෙර ඇතැම් ආයතනවලට බලපෑම්

නිලන්ත මදුරාවල - හේමන්ත රන්දුණු

පාඩු ලබන පෞද්ගලික ආයතන රජයට පවරා ගැනීමට අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමටත් පෙර එම ඇතැම් ආයතනවල ක්‍රියාකාරිත්වයන්ට විවිධ බලපෑම් එල්ල වීමට පටන්ගෙන තිබේ.

කටුනායක වෙළෙඳ කලාප භූමියේ පිහිටි දැනට වසා දමා ඇති කර්මාන්ත ශාලාවක හිමිකරුවන් එහි දේපළ විකුණමින් සිටින අතර ඊයේ (9 දා) දහවල් ඔවුන්ට දුරකථනයෙන් දැනුම්දී ඇත්තේ දේපළ පිටට ගෙන යැම වහාම නතර කරන ලෙසය. හොංකොං සමාගමකට අයත් මෙම කර්මාන්ත ශාලාව 2009 වසරේ දී වසාදමා දෙදහසකට අධික සේවකයන්ගේ ප්‍රතිලාභද හිඟයකින් තොරව ගෙවා දමා ඇත. හොංකොං හි පිහිටි මව් සමාගම සමග සම්බන්ධීකරණ කටයුතු කිරීමට අටදෙනකුගෙන් යුත් කාර්ය මණ්‌ඩලයක්‌ තවමත් එහි රැඳී සිටිති.

දේපළ පවරාගැනීමේ පනත සම්මත වීමටත් පෙර එම කාර්ය මණ්‌ඩලයේ ක්‍රියාකාරිත්වයන්ට බලපෑම් කිරීමට ඇති නීතිමය අයිතිය කුමක්‌ද යන්න පිළිබඳ ව්‍යාපාරික ක්‌ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්‌වී ඇත.

පාඩු ලබන බව සඳහන් කරමින් රජයට පවරා ගැනීමට දැනට තීරණය කර ඇති ආයතන තිස්‌හතේ ඇතැම් ආයතනවලට මෙලෙස විවිධ බලපෑම් එල්ල වීමට පටන්ගෙන තිබූ බව දැනගන්නට ලැබිණි.

දේපළ පවරා ගැනීමේ පනතට අදාළ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ ඊයේ (9 දා) පැවැත්වීමට නියමිතව තිබිණි. එලෙස පනත සම්මත වුවද එය නීතියක්‌ බවට පත්වන්නේ කථානායකවරයා ඊට අත්සන් තැබීමෙන් පසුවයි.

http://www.divaina.com/2011/11/10/news06.html

Wednesday, November 9, 2011

රජයට පවරා ගන්නා පාඩු ලබන ආයතනවලට වන්දි ගෙවීමට වන්දි විනිශ්චය සභාවක්‌

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනතට අනුව රජයට අත්පත් කර ගන්නා ආයතන වෙනුවෙන් වන්දි ගෙවීමට වන්දි විනිශ්චය සභාවක්‌ පත් කෙරෙනු ඇත.

පනත් කෙටුම්පතේ සඳහන් වන ආකාරයට මෙම වන්දි විනිශ්චය සභාව පත් කරනු ලබන්නේ ඇමැති මණ්‌ඩලය විසිනි. ඊට ප්‍රධාන තක්‌සේරුකරණය සහ වාණිජ තක්‌සේරුකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් ලත් දෙදනෙක්‌ ඇතුළත් කර ගනී.

අදාළ වන්දි ගෙවීම මාස හයක්‌ තුළ සිදු කළ යුතුය. ඉන් අතෘප්තියට පත්වන පාර්ශ්වයක්‌ වේ නම් අභියාචනාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට ද පනත මගින් ප්‍රතිපාදන ලබාදී ඇත.

මෙසේ පවරා ගන්නා ව්‍යාපාර රජය වෙනුවෙන් මහා භාණ්‌ඩාගාර ලේකම්වරයා වෙත පවරනු ඇත. ඒවා පාලනය කිරීම, පරිපාලනය හා කළමනාකරණය සඳහාද ඇමැති මණ්‌ඩලය විසින් නිසි බලධරයෙක්‌ පත් කෙරේ.

පවරා ගන්නා වත්කමේ යම් ගොඩනැඟිල්ලක්‌, යන්ත්‍රොaපකරණ හෝ විකිණීමට ඇති භාණ්‌ඩ තොග සහ චංචල නිශ්චල දේපළ නිසි බලධරයා වෙත භාරදී ප්‍රතික්‌ෂේප කරන අවස්‌ථාවකදී මහෙස්‌ත්‍රාත්වරයකු හමුවට අදාළ පුද්ගලයා හා ඉදිරිපත් කරනු ලබයි. එහිදී පවත්වන නඩු විභාගයකින් වරදකරු වන තැනැත්තකුට වසර දහයකට නොවැඩි සිර දඬුවමක්‌ හෝ රුපියල් දස දහසකට නොවැඩි දඩයකට හෝ යටත් කෙරෙනු ඇත. මෙම දඬුවම් දෙකම ලබාදීමටද පනත මගින් විධි විධාන සලස්‌වා ඇත.

මෙම පනත් කෙටුම්පතේ උපලේඛනයට අනුව හොටෙල් ඩිවලපර්ස්‌ (ලංකා) ලිමිටඩ්, කොළඹ චැටර්ස්‌ ධාන්‍යාගාරය, බදුල්ලේ පිහිටි කලම්බු කොමර්ෂල් කම්පැනි, පිටකොටුව හ නාරාහේන්පිට පිහිටි ලංකා ට්‍රැක්‌ටර්ස්‌ ලිමිටඩ්, සීමාසහිත පැලවත්ත සීනි සමාගම සමන්විත දේපළ, සීමාසහිත සෙවනගල සීනි සමාගමට අයත් දේපළ පිහිටි ඉඩම්, සිනෝටෙක්‌ස්‌ (ලංකා) ලිමිටඩ්, කොස්‌මොස්‌ මැකි ඉන්ඩස්‌ටි්‍රස්‌, කාබුල් ලේස්‌ (ප්‍රයිවට්‌ ලිමිටඩ්), කජු සංස්‌ථාව කලින් පිහිටි ඉඩම, ඉන්ටර්ටේ්‍රඩ් ලංකා ප්‍රයිවට්‌ ලිමිටඩ්, සුචීර් නෙබ් ප්‍රඩක්‌ට්‌ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්, සෙලින්කෝ ලෙෂර් ප්‍රොපටිස්‌ ලිමිටඩ්, සීතා පැෂන්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්, ඩී, සී. ඇපරල් ප්‍රයිවට්‌ ලිමිටඩ්, ඇතුළු ආයතන 36 ක්‌ රජයට පවරා ගනු ඇත.


http://www.divaina.com/2011/11/09/news29.html

Proposed Takeover bill is Constitutional (2 items)

පාඩු ව්‍යාපාර පවරා ගැනීමේ පනත ව්‍යවස්‌ථාවට එකඟයි - ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මැතිසබයට දන්වයි

විවාදය හා ඡන්ද විමසීම අද

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීම හෙවත් ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත් කෙටුම්පත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූල බවට (අනනුකූල නොවන බව) ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයා වෙත එවා තිබූ තීරණය ප්‍රකාශයට පත්කරමින් නියෝජ්‍ය කථානායකවරයා මෙසේ ද කීය.

"ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ" පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පිළිබඳව පාර්ලිමේන්තුවට නිවේදනයක්‌ කිරීමට කැමැත්තෙමි. මෙම පනත් කෙටුම්පත ජාතියේ හිත පිණිස වහා අවශ්‍ය බවට අමාත්‍ය මණ්‌ඩලය විසින් සටහන් කරන ලදුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 122 (1) (ආ) වන ව්‍යවස්‌ථාව ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ වාර්තාගත කර ඇති කෙටුම්පත් දෝෂ නිවැරැදි කර සකස්‌ කිරීමට යටත්ව පනත් කෙටුම්පත හෝ එහි වගන්ති කිසිවක්‌ හෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල නොවන බවට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 123 (1) ව්‍යවස්‌ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

ඉන්පසු අගමැති දි. මු. ජයරත්න මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ විවාදය සහ ඡන්ද විමසීම අද (09 දා) සිදුකරන බව සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා දැනුම් දුන්නේය.

අදාළ පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු තුනක්‌ පවරා ඇතැයි එජාප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ අවස්‌ථාවේදී ප්‍රකාශ කළේය.

මෙම පනත් කෙටුම්පත මගින් මානව හිsමිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත නඩු තුනට අදාළ තීන්දුව ලබා දෙනතුරු එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම අත්හිටුවන ලෙස ද දයාසිරි ජයසේකර මහතා නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීමට එරෙහි වෙමින් සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ කීවේය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව නිගමනයක්‌ දී තිබෙනවා මේ පනත නීත්‍යානුකූලයි කියලා. අනුර බණ්‌ඩාරනායක මහතා කථානායකවරයා වශයෙන් මේ සභාවේදී වැදගත් පූර්වාදර්ශයක්‌ ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තුවේ වැඩ නතර කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන්කමක්‌ නැති බව එතුමා පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවේ විවාද නතර කරන්න, තහනම් නියෝග දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක්‌ නැහැ. උසාවියේ නඩු තියෙනවා කියලා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වළක්‌වන්න බැහැ. එම නිසා දයාසිරි ජයසේකර මහතාගේ ඉල්ලීම පිළිබඳ තීරණයක්‌ දෙන්න නීතිමය හැකියාවක්‌ කථානායකතුමාට නැහැ.

මේ අවස්‌ථාවේදී ප්‍රකාශයක්‌ කළ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා මෙම පනත පිළිබඳ විවාදය තවම ආරම්භ කර නැති බවත් විවාදයට ගන්නා අවස්‌ථාවේදී අදාළ විරෝධයන් මතුකරන ලෙසත් කීය.


http://www.divaina.com/2011/11/09/news01.html


Chair announces SC determination: Ailing businesses revival Bill constitutional

‘Urgent Bill in national interest’:


Sandasen MARASINGHE and Irangika RANGE

Deputy Speaker Chandima Weerakkody yesterday announced in Parliament that the Supreme Court had informed Parliament that the Bill entitled ‘Revival of Underperforming Enterprises and Underutilized Assets’ is not inconsistent with the constitution.

The Deputy Speaker stated that he wished to make an announcement to the House on the determination of the Supreme Court in respect of the Bill entitled ‘Revival of Underperforming Enterprises and Underutilized Assets’ which in the view of the Cabinet of Ministers was an urgent Bill in the national interest and had been referred to the Supreme Court by the President in terms of Article 122 (1)(6) of the constitution.

The Supreme Court had determined that in terms of Article 123 (1) of the Constitution, neither the Bill nor any provision thereof is inconsistent with the constitution, subject to drafting errors to be corrected as per the determination.

At this stage, UNP MP Dayasiri Jayasekera raising a Point of Order stated that three cases were being heard on this matter by Courts and argued that this Bill could not be taken for debate.

Leader of the House and Irrigation and Water Resources Management Minister Nimal Siripala de Silva said that the courts could not influence the proceedings of Parliament.

He added that a court cannot influence the supremacy of the peoples represented by Parliament.

http://www.dailynews.lk/2011/11/09/pol01.asp

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ වැඩිපුර නිෂ්පාදනය කර ඇත්තේ මධ්‍යසාරයි

- ඇමැති ජගත් පුෂ්පකුමාර

ලසිත දුමින්ද

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය රටේ අවශ්‍යතාව ඉටු නොකර ඉන් පරිබාහිරව කටයුතු කර ඇතැයි පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පැවැසීය.

එම කර්මාන්ත ශාලාව පෞද්ගලික අංශයට ලබාදී තිබුණේ රටට අවශ්‍ය සීනි ප්‍රමාණය නිෂ්පාදනය කිරීම සඳහා බවත්, එහෙත් මේ වන විට එහි වැඩිපුරම නිෂ්පාදනය කර ඇත්තේ මධ්‍යසාර බවත් ජගත් පුෂ්පකුමාර මහතා ඊයේ (08 වැනිදා) කොළඹ පිහිටි එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

2002 වසරේදි එහි ස්‌ප්‍රීතු ලීටර් විසිලක්‍ෂ විසිපන්දහස්‌ අට සියයක්‌ නිෂ්පාදනය කළ බවත්, 2008 වන විට ලීටර් හතළිස්‌තුන් ලක්‍ෂ අසූහත්දහස්‌ දෙසියයක්‌ දක්‌වා වර්ධනය වී තිබෙන බවත් හෙතෙම කීවේය. එහෙත් සීනි මෙටි්‍රක්‌ ටොන් විසිතුන්දහස්‌ තුන්සිය අනූහයක්‌ 2002 වසරේ නිෂ්පාදනය කර තිබෙන බව පෙන්වා දුන් ඇමැතිවරයා 2008 වන විට එකොළොස්‌ලක්‍ෂ හතළිස්‌ තුනක්‌ දක්‌වා සීනි නිෂ්පාදනය පහත වැටී තිබෙන බවත් පැවැසීය. සෙවනගල සීනි කර්මාන්ත ශාලාව රජයට අයත්ව තිබියදී ස්‌ථීර සේවකයන් 750 ක්‌ හා ආදේශක සේවකයන් 1200 ක්‌ සිටි බවත්, වර්තමානයේ ස්‌ථීර සේවකයන් 300 ක්‌ හා ආදේශක සේවකයන් 300 දෙනකුට සීමාවී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීමේ පනතට විපක්‍ෂ නායකවරයා එකඟ වී තිබෙන බවත්, එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දින රටෙන් බැහැරව ගියේ ඒ නිසා බවත් ජගත් පුෂ්පකුමාර මහතා කීවේය.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවෙන් රටේ අරමුණ ඉටු වී නොමැති බැවින් ඉදිරියේදී නිසි බලධාරියකු යටතේ එය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ජගත් පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


http://www.divaina.com/2011/11/09/news15.html

Tuesday, November 8, 2011

Take over bill: Court decision expected (2 items)

අසාර්ථක ව්‍යාපාර පවරා ගැනීමේ පනත: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද - කථානායක මැතිසබයට දන්වයි

අනුර බාලසූරිය

පාඩු ලබන හා අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා වන ඌන කාර්ය සාධන ව්‍යාපාර හා ඌන උපයෝජිත වත්කම් යළි යථා තත්ත්වයට පත්කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා විසින් අද (8 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. පසුදින එනම් හෙට (09 දා) දිනයේදී මෙය හදිසි පනතක්‌ ලෙස දිනය පුරා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන එදිනම ඡන්දය විමසීමට නියමිතව ඇත.

අසාර්ථක ව්‍යාපාර හා දේපොළ 37 ක්‌ රජය විසින් හඳුනාගෙන ඇති අතර එම ආයතන පවරා ගැනීමට මෙම පනතින් බලය ලැබෙනු ඇත.


http://www.divaina.com/2011/11/08/news02.html


Speaker to announce SC decision on controversial bill today

Speaker Chamal Rajapaksa is due to announce to Parliament today the Supreme Court decision on the Expropriation Bill titled Revival of Under-performing Enterprises and Under-utilised Assets Act.

The Bill, placed under the Urgent category, would be taken up for a full day debate tomorrow and the vote on the bill too would be taken the same evening, parliament sources said.

The proposed Bill that would pave the way for takeover of under utilized and under performing business ventures either situated on State property or had enjoyed State benefits, needed only a simple majority in parliament to be passed, sources added.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=38608

Monday, November 7, 2011

President on Proposed Take Over Bill: (2 items)

පෞද්ගලික දේපළ රජයට පවරා ගන්නේ නෑ - ජනපති අවධාරණය කරයි

පෞද්ගලික අංශයේ දේපළ රජය වෙත පවරා ගැනීමක් කිසි විටෙකත් සිදු නොවන බව රජය අවධාරණය කරයි.

ඌන කාර්යසාධන ව්‍යාපාර සහ ඌන යෝජිත වත්කම් යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා වූ යෝජිත පනතට අනුව කිසියම් අරමුණක් සඳහා රජය විසින් පෞද්ගලික අංශය වෙත පවරා ඇති දේපළ එම අරමුණ වෙනුවෙන් නොයොදවා වෙනත් කටයුතුවල යොදා ඇත්නම් පමණක් එම ව්‍යාපාර යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා පවරා ගැනීමක් සිදුවන බවද රජය පවසයි. එසේම යෝජිත පනත් කෙටුම්පතේ ලේඛනගත ව්‍යාපාර හැරුණුවිට වෙනත් කිසිදු ව්‍යාපාරයක් හෝ දේපළක් සඳහා යෝජිත පනත බල නොපැවැත්වෙන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මහතා මේ බව අනාවරණය කළේ අදාළ පනත් කෙටුම්පත පිළිබඳව දේශීය ව්‍යවසායකයන් සමඟ අරලියගහ මන්දිරයේ දී පෙරේදා (5) පැවැති සාකච්ඡාවක දීය.

මේ පිළිබඳ වැරැදි මතයක් පැතිර යන බව පෙන්වා දුන් ව්‍යවසායකයෝ අදාළ පනතට තමන් එකහෙළා එකඟ වන බවත්, රජයේ දේපළ යම් අරමුණකට ලබා දුන් විට ඉන්බැහැරව වෙනත් කාර්යයන් සඳහා යොදවන්නේ නම් ඒවා පවරා ගැනීම පිළිබඳව තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් පැවැසූහ.

යෝජිත පනත් කෙටුම්පත පිළිබඳව වාණිජ මණ්ඩල සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව පෙන්වා දුන් ව්‍යවසායකයෝ, ආයෝජකයන් තුළ මෙන්ම ජනතාව තුළ ද මේ පිළිබඳව වැරැදි චිත්‍රයක් ඇති නොවන ආකාරයටත්, ආයෝජකයන්ට වඩා හොඳ පණිවුඩයක් ලැබෙන ආකාරයටත් පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටියහ.තවද, ව්‍යවසායකයන් වැඩිදුරටත් පැවැසුවේ රටක ආර්ථිකයක් ශක්තිමත්ව දියුණු වීමට නම් පවතින නීතිරීති ඊට අනුකූලව වෙනස් විය යුතු බවයි.දේපළ නියමිත අරමුණු කරා නොයොදවන ව්‍යාපාර වෙත තමා පසුගිය අයවැයේ දී අවවාද කළ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ඔවුන්ට ඒ සඳහා වසරක කාලයක් ලබාදුන් බව ද පැවැසීය.

මෙම දේපළ රටේ ජනතාවට අයත් දේපළ බව සඳහන් කළ ඒ මහතා, ව්‍යාපාර සඳහා පුද්ගලික අංශයට දේපළ පවරා දීමේදී ඔවුන්ගේ ව්‍යාපාර තුළින් රටේ නිෂ්පාදන ධාරිතාවයට සහ රැකියා සඳහා ඉලක්කයක් ලබා දී තිබුණ ද එම දේපළ වෙනත් අරමුණු වෙනුවෙන් යොදවා අයථා ලෙස ලාභ ඉපයීම නිසා රටටත්, ආර්ථිකයටත් බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවන බවද පෙන්වා දුන්නේය.ඇතැම් ව්‍යාපාර වසර 20කටත් වැඩි කාලයක් තිස්සේ ඒවායේ අරමුණින් බැහැරව කටයුතු කර ඇති ආකාරය ද මෙහිදී අනාවරණය වූ අතර ඇතැම් ව්‍යාපාර ආයතන සේවක අර්ථසාධක සම්බන්ධ කම්කරු නීති රීති පවා උල්ලංඝනය කර ඇති බව ද හෙළි විය.

යෝජිත පනත් කෙටුම්පත තුළ කිසිදු දේශපාලන පසුබිමක් නොමැති බව ද මෙහිදී අවධාරණය කෙරුණ අතර රටේ ආර්ථිකයට වැදගත් තීරණ ගැනීමේ දී ඒවා පටු දේශපාලන අරමුණු මත හැසිරවීමට යාමෙන් ඇතිවන හානිදායක තත්ත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.යෝජිත පනත් කෙටුම්පතේ කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර පවරා ගැනීමට අදාළ ව්‍යාපාරවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය පනතේ විධිවිධාන මගින් තහවුරු වී ඇති බව ද පැහැදිලි කෙරිණි.

රටේ ආර්ථිකයට බෙහෙවින් වැදගත් වන ව්‍යාපාර ආයතන අරමුණින් බැහැරව යාමේ දී ඉන් පාඩු සිදුවන්නේ රටටත්, ජනතාවටත් වන බැවින් එවැනි ආයතන පිළිබඳව තීන්දුවක් ගැනීමේ වැදගත්කම මේ සාකච්ඡාවට එක් වූ ඇමැතිවරුන් මෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද වැඩිදුරටත් පෙන්වා දුන්හ.

මේ සාකච්ඡාව සඳහා ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම, ඇමැතිවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, අනුර පි‍්‍රයදර්ශන යාපා, බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, විමල් වීරවංශ, නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන, කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක මිලින්ද මොරගොඩ මහත්වරුන් ද, නීතිපති ඊවා වනසුන්දර මහත්මිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහත්වරුන් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද දිවයිනේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයෝ පිරිසක් ද සහභාගී වූහ.


Courtesy - http://www.dinamina.lk/2011/11/07/_art.asp?fn=p1111071


President reassures business sector: No intention of acquiring private enterprises

* Some listed businesses improperly used
* Legislation not politically-motivated


The government said that it has no intention whatsoever to acquire private sector enterprises through the proposed legislation titled, ‘Revival of Under Performing Enterprises and Under Utilized Assets.’ It said that only institutions which had deviated from the specific aims and objectives laid down by the government when they were originally vested in the private sector will be subject to the new legislation to effect their revival and meet the original objectives.

In addition, no enterprise or assets other than those that have been specifically mentioned in the draft legislation will be subject to the proposed law, according to an assurance given by President Mahinda Rajapaksa to local businessmen at a meeting at Temple Trees on Saturday.

The businessmen pointed out to the President that a wrong impression was being created on this whole issue, adding that they were in no way against acquiring ventures that had deviated from the government’s original intention when they were first handed over, and had strayed into other territory.

They said they had held a lengthy discussion on the proposed draft bill with the Business Chambers and wanted the government to present the Bill in a manner that would dispel the wrong picture created among the public and investors so that the latter would get the correct message as regard the new law.

The businessmen were also of the opinion that laws of the country should undergo a change from time to time in keeping with the changing economic climate so that the country’s economy would be strengthened.

President Rajapaksa recalled his warning to enterprises that were not working towards the expected goals in his last budget, saying he had granted them one year to reform.

The President pointed out that the objective was expanding production capacity and employment generation when these public assets were vested with the private sector but were used for other purposes to derive illegal profits causing serious problems to the country and the economy.

It was also revealed that certain ventures had similarly functioned for over 20 years in contravention of the laid down objectives with some even violating labour laws relating to EPF payment.

The President also emphasized that there was no political motive behind the proposed legislation, explaining the dangers that would ensue if important economic decisions are to be decided on the basis of political considerations.

At the lengthy discussion on the topic, it was also pointed out that the future of the employees of enterprises to be revested will be guaranteed under the employment protection regulations.

It was also agreed by those present, of the importance of taking a decision on enterprises which are vital to the country’s economy, which instead of keeping to the original aims had deviated from course bringing loss to the country and its people.

Those present at the discussion included Ministers Dr.Sarath Amunugma, Prof G.L.Peiris, Anura Priyadharshana Yapa, Basil Rajapaksa, Keheliya Rambukwella, Wimal Weerawansa, Deputy Minister Geethanjana Gunawardena, CMC opposition leader Milinda Moragoda and Attorney General Eva Wanasundera.

Courtesy - http://www.dailynews.lk/2011/11/07/news01.asp

Chalmers Granary land to be converted into shopping mall, offices and car park

by Ravi Ladduwahetty


The Government has decided to convert the Chalmers granary land in Colombo Fort into a shopping mall cum office complex with car park and a public square among other things.

This land, which spans nine acres, 3 Roods and 27 perches, which has been hitherto used as a warehousing complex and car park will be re-vested with the Urban Development Authority, Economic Development Minister Basil Rajapaksa told The Island yesterday.

He said that the Chalmers granary area will be vested under a Competent Authority in accordance with the Underperforming Enterprises and Underutilized Bill which will be brought in Parliament on Wednesday and the Urban Development Authority will be formulating the development plans for the area which will make optimum use of it.

Urban Development Authority Chairman Janaka Kurukulasuriya said that the government was yet to decide on the basis of the implementation. Asked what the value of the nine acre plus land was worth in commercial terms, he said that the Government Valuer had not provided a value as yet and that it was also being done as well.

"We would either go into partnership with the private sector developers on a joint venture basis or lease the land to the developer as we go along. The Request for Proposals document was being drafted and subsequently a Cabinet Memorandum will also be on the cards," he said.

He said the existing car park and the warehouses would also be removed and they were in the process of calling for tenders for the removal of the warehouses and the car park.

Courtesy - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=38539