Wednesday, November 9, 2011

රජයට පවරා ගන්නා පාඩු ලබන ආයතනවලට වන්දි ගෙවීමට වන්දි විනිශ්චය සභාවක්‌

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනතට අනුව රජයට අත්පත් කර ගන්නා ආයතන වෙනුවෙන් වන්දි ගෙවීමට වන්දි විනිශ්චය සභාවක්‌ පත් කෙරෙනු ඇත.

පනත් කෙටුම්පතේ සඳහන් වන ආකාරයට මෙම වන්දි විනිශ්චය සභාව පත් කරනු ලබන්නේ ඇමැති මණ්‌ඩලය විසිනි. ඊට ප්‍රධාන තක්‌සේරුකරණය සහ වාණිජ තක්‌සේරුකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් ලත් දෙදනෙක්‌ ඇතුළත් කර ගනී.

අදාළ වන්දි ගෙවීම මාස හයක්‌ තුළ සිදු කළ යුතුය. ඉන් අතෘප්තියට පත්වන පාර්ශ්වයක්‌ වේ නම් අභියාචනාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට ද පනත මගින් ප්‍රතිපාදන ලබාදී ඇත.

මෙසේ පවරා ගන්නා ව්‍යාපාර රජය වෙනුවෙන් මහා භාණ්‌ඩාගාර ලේකම්වරයා වෙත පවරනු ඇත. ඒවා පාලනය කිරීම, පරිපාලනය හා කළමනාකරණය සඳහාද ඇමැති මණ්‌ඩලය විසින් නිසි බලධරයෙක්‌ පත් කෙරේ.

පවරා ගන්නා වත්කමේ යම් ගොඩනැඟිල්ලක්‌, යන්ත්‍රොaපකරණ හෝ විකිණීමට ඇති භාණ්‌ඩ තොග සහ චංචල නිශ්චල දේපළ නිසි බලධරයා වෙත භාරදී ප්‍රතික්‌ෂේප කරන අවස්‌ථාවකදී මහෙස්‌ත්‍රාත්වරයකු හමුවට අදාළ පුද්ගලයා හා ඉදිරිපත් කරනු ලබයි. එහිදී පවත්වන නඩු විභාගයකින් වරදකරු වන තැනැත්තකුට වසර දහයකට නොවැඩි සිර දඬුවමක්‌ හෝ රුපියල් දස දහසකට නොවැඩි දඩයකට හෝ යටත් කෙරෙනු ඇත. මෙම දඬුවම් දෙකම ලබාදීමටද පනත මගින් විධි විධාන සලස්‌වා ඇත.

මෙම පනත් කෙටුම්පතේ උපලේඛනයට අනුව හොටෙල් ඩිවලපර්ස්‌ (ලංකා) ලිමිටඩ්, කොළඹ චැටර්ස්‌ ධාන්‍යාගාරය, බදුල්ලේ පිහිටි කලම්බු කොමර්ෂල් කම්පැනි, පිටකොටුව හ නාරාහේන්පිට පිහිටි ලංකා ට්‍රැක්‌ටර්ස්‌ ලිමිටඩ්, සීමාසහිත පැලවත්ත සීනි සමාගම සමන්විත දේපළ, සීමාසහිත සෙවනගල සීනි සමාගමට අයත් දේපළ පිහිටි ඉඩම්, සිනෝටෙක්‌ස්‌ (ලංකා) ලිමිටඩ්, කොස්‌මොස්‌ මැකි ඉන්ඩස්‌ටි්‍රස්‌, කාබුල් ලේස්‌ (ප්‍රයිවට්‌ ලිමිටඩ්), කජු සංස්‌ථාව කලින් පිහිටි ඉඩම, ඉන්ටර්ටේ්‍රඩ් ලංකා ප්‍රයිවට්‌ ලිමිටඩ්, සුචීර් නෙබ් ප්‍රඩක්‌ට්‌ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්, සෙලින්කෝ ලෙෂර් ප්‍රොපටිස්‌ ලිමිටඩ්, සීතා පැෂන්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්, ඩී, සී. ඇපරල් ප්‍රයිවට්‌ ලිමිටඩ්, ඇතුළු ආයතන 36 ක්‌ රජයට පවරා ගනු ඇත.


http://www.divaina.com/2011/11/09/news29.html

No comments:

Post a Comment