Monday, November 21, 2011

A she elephant with tusks found? (2 items)

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවෙන් දළ ඇතින්නක ගැන තොරතුරක්‌!

ජගත් කණහැරආරච්චි

ඉතිහාසයේ ප්‍රථම වතාවට සැබෑ දළ යුගළක්‌ සහිත (පණු දත් නොවේ) ඇතින්නක ශ්‍රී ලංකාවෙන් හමුවූ බව වනජීවී නිලධාරීහු පවසති.

මෙම ඇතින්න දකුණු වනජීවී කලාපයට අයත් ප්‍රධාන පෙළේ වනෝද්‍යානයක සිටින බව වාර්තා වන අතර වනජීවී නිලධාරීහු මේ පිළිබඳව තවදුරටත් පර්යේෂණවල නිරතව සිටිති.

ලෝකයේ සිටින අලි විශේෂ දෙක අතරින් අප්‍රිකානු අලියාගේ ගැහැණු පිරිමි යන දෙදෙනාටම දළ පිහිටියද ආසියානු අලියාගේ ගැහැණු සතාට දළ පිහිටන්නේ නැත.

ආසියානු අලියාගේ පිරිමි සතුන්ට දළ පිහිටීමේ ප්‍රතිශතය 5% ත් 7% ත් අතර අගයකි. එවැනි තත්ත්වයක්‌ තුළ මෙසේ සැබෑ දළ සහිත ඇතින්නක වාර්තා වන්නේ නම් එය ඉතා දුලබ හා විශ්මයජනක තත්ත්වයක්‌ බව පරිසරවේදීහු පෙන්වා දෙති.

වයස අවුරුදු පහක්‌ හෝ හතක්‌ පමණ වයසැති ගැහැණු සතකු යෑයි කියන මෙම පැටවාගේ අඩි එකහමාරක පමණ දිගු දළ වැඩී ඇති අතර ස්‌ථිර ලෙසම මෙම පැටවා ගැහැණු සතකු ලෙස තමන් හඳුනාගත් බවට "දිවයින"ට කරුණු දැක්‌වූ වනජීවී නිලධාරියෙක්‌ පැවැසීය.

සත්‍යය මෙසේ වන්නේ නම් මෙය ආසියානු ඇතින්නකට දළ පිහිටීම ලෝක වාර්තාවක්‌ වන බැවින් මෙම සිදුවීම පිළිබඳව ඉදිරියේදී කරුණු වාර්තා කිරීමට වනජීවී නිලධාරීහු සූදානම්ව සිටිති.


http://www.divaina.com/2011/11/21/news15.html


‘Rare she elephant with tusks found’

By Jagath Kanaherarachchi

A she elephant with ‘tusks’ has been found in Sri Lanka.

This is the first time such an animal has been found in Asia according to wildlife experts. She is believed to be about five to seven years old and her ‘tusks’ are one and a half feet long.

The exact location where she was spotted has not been revealed as wildlife authorities fear for her safety.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=39510

No comments:

Post a Comment