Tuesday, November 22, 2011

පාරිසරික සුරක්ෂිතතාව විද්වත් කතිකාව නිර්දේශ එළිදක්වයි

දකුණු ආසියානු කලාපයේ පාරිසරික සුරක්ෂිතතාව උදෙසා කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ක්ෂේත්‍රයේ විද්වතුන් අතර කතිකාවක් ගොඩනැඟී තිබේ.

ඒ පිළිබඳ පාරිසරික නිර්දේශ එළිදැක්වීමක් පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර තිලංකා හෝටලයේ දී පැවැත්විණි.

බලශක්ති ප්‍රභවයන් භාවිතය මඟින් ඇතිකරන විවිධ බලපෑම් අවම කරමින් පාරිසරික සුරක්ෂිතතාව ඇතිකිරීම පිළිබඳව ලෝක අවධානය ද යොමුවී ඇත. දකුණු ආසියානු සුරක්ෂිතතාවක් ඇතිකර ගැනීම සඳහා දකුණු ආසියාවේ චින්තන පර්ෂදයන්හි ඒකාබද්ධ සමුළුවක් පසුගියදා මාලදිවයිනේ දී පවත්වනු ලැබිණි.

උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහත්වරුන් නිර්දේශ එළි දැක්වීමේ අවස්ථාවට සහභාගි වූහ.


http://www.dinamina.lk/2011/11/22/_art.asp?fn=n1111227

No comments:

Post a Comment