Monday, November 21, 2011

විදුලි ගාස්‌තු වැඩි වන විට අය ක්‍රමයත් වෙනස්‌ වේ

ශිරාන් රණසිංහ

ලබන ජනවාරියේ විදුලි ගාස්‌තු වැඩි කරන විට දැනට අය කරන අය ක්‍රමයද වෙනස්‌ කිරීමට මහජන උපයෝගිතා කොමිසම පියවර ගනිමින් සිටින බව විදුලිබල මණ්‌ඩල වෘත්තීය සමිති පවසති.

ඒ අනුව ගෘහස්‌ථ විදුලි පාරිභෝගිකයන්ට විදුලි ඒකක අනූවක්‌ දක්‌වා ලබාදී තිබෙන සහනයද වෙනස්‌වීමට ඉඩ ඇතැයි වෘත්තීය සමිති පෙන්වා දෙයි.

විදුලි ගාස්‌තු සංශෝධනය ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර මේ වන විට දිනකට විදුලිබල මණ්‌ඩලය ලබන බව කියන රුපියල් කෝටි දොළහකට අධික පාඩුවද සලකා බලා ගාස්‌තු වැඩි කිරීමට සිදුව ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.

පාරිභෝගික අධිකාරිය පාර්ලිමේන්තුවට පමණක්‌ වගකියන ස්‌වාධීන ආයතනයක්‌ බැවින් මේ දිනවල විවිධ පාර්ශ්වයන්වල අදහස්‌ හා යෝජනා ලබා ගනිමින් සිටිය ද රජයේ අවශ්‍යතාවද සලකා බලා විදුලි ගාස්‌තු සංශෝධනය කරන බව එම අධිකාරිය කියා සිටී.

මේ අතර විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා නැගෙනහිර පළාතේ විදුලි ව්‍යාපෘති විවෘත කරමින් කියා ඇත්තේ තව වසරක්‌ යනතුරුවත් දැනට අයකරන අයක්‍රමයේ වෙනසක්‌ නොකළ යුතු බවකි.

http://www.divaina.com/2011/11/21/news09.html

No comments:

Post a Comment