Sunday, November 27, 2011

ඖෂධ මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්!

ඒමන්ති මාරඹේ

පුද්ගලික ඔසුසල් හරහා අලෙවි කෙරෙන අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග සෑම එකකම පාහේ මිල ගණන් විවිධ ප්‍රමාණයන්ගෙන් ඉහළ යැම නිසා බෙහෙත් මිලදී ගැනීමෙන් වැළැකීමට බොහෝ රෝගීන් පෙළඹී ඇතැයි ඔසුසල් ආරංචි මාර්ග පවසයි.

මෙම තත්ත්වය මත බොහෝ පුද්ගලික හා රජයේ ඔසුසල්වල බෙහෙත් අලෙවිය ද මේ වන විට පහත වැටී ඇතැයි වාර්තා වේ. දියවැඩියාව, කොලෙස්‌ටරෝල්, අධි රුධිර පීඩනය, හෘද රෝග සඳහා ලබාදෙන බෙහෙත් වර්ග මෙන්ම ශල්‍ය ද්‍රව්‍යයන් පසුගිය ඔක්‌තෝබර් මාසයට වඩා මෙම මාසයේදී සියයට 10 කට වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි වී ඇති අතර සෙසු රෝගාබාධ සඳහා ලබාදෙන බෙහෙත් වර්ග ද විවිධ ප්‍රතිශතයන්ගෙන් වැඩිවී තිබේ.

මේ අනුව අදාළ බෙහෙත් වර්ග මිලදී නොගෙන රජයේ රෝහල්වලින් නිකුත් කරන බෙහෙත් වර්ග පමණක්‌ ලබාගැනීම නිසා රෝගීන්ගේ රෝග තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක්‌ මතුව ඇතැයි වෛද්‍යවරු පෙන්වා දෙති.

http://www.divaina.com/2011/11/27/news04.html

No comments:

Post a Comment