රන් බිම ඔප්පු ප්‍රදානය 1දා අරලියගහ මැදුරේ දී
ධනුෂ්ක ගොඩකුඹුර
රන් බිම ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික මහෝත්සවයේ දහ වැනි අදියර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 01 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
ඉඩම් නොමැති පවුල් පන්දහසකට මෙහිදී රන් බිම ඔප්පු ප්‍රදානය කිරීමට නියමිත බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පවසයි.
සෑම පුරවැසියකුටම තමන්ගේම ඉඩමක හිමිකම ලබා දෙන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය මඟින් දුන් පොරොන්දුව ඉටු කරමින් රජය වසර කිහිපයක සිට රන් බිම ඔප්පු ප්‍රදානය කරයි.
http://www.dinamina.lk/2011/11/21/_art.asp?fn=n1111214
No comments:
Post a Comment