පැය 12ක් තුළ වාහන 4530ක් ඇතුළු වෙලා
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රථම අනතුරෙන් 2 ක් රෝහලේ
අකිත පෙරේරා, හොරණ - විදුර විජයනාථ
දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව සිදුවූ ප්‍රථම අනතුරෙන් රුසියන් ජාතිකයකු ඇතුළුව පුද්ගලයන් දෙදෙනකු සුළු තුවාල ලබා තිබේ. එම මාර්ගයේ කහතුඩුවට ආසන්න ප්‍රදේශයේදී ඊයේ (24 දා) පෙරවරු 7.15 ට පමණ මේ අනතුර සිදුවූ අතර ඉන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හොරණ රෝහලට ඇතුළත් කර ඇත. කොළඹ දෙසට ගමන් ගත් එම වෑන් රථය පාලනය කරගත නොහැකිවීමෙන් මාර්ගය හරහා පෙරළී ඇති අතර අනතුරෙන් රුසියානු ජාතිකයාගේ වම් අතට තුවාල සිදුව තිබේ. එහි රියෑදුරුට ද සුළු තුවාල සිදුවී ඇතැයි දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් සහ නඩත්තු අංශයේ අධ්‍යක්‍ෂ ටී. පී. කේ. බණ්‌ඩාර මහතා "දිවයින"ට පැවසීය.
මීට අමතරව දක්‍ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව කොට්‌ටාව පිවිසුම් මාර්ගයට ඇතුළු වෙද්දී කැබ් රථයක් තවත් වාහනයක ගැටී සුළු අනතුරක් සිදුවී ඇතැයි ද කී එA මහතා මෙහි ගමන්ගත් වාහන කිහිපයක බල්ලන් සහ කුරුල්ලන් ගැටීමේ සිද්ධි කිහිපයක් ද වාර්තා වී ඇති බවද කීය.
අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව ගතවූ පළමු පැය කිහිපය තුළ වාහන 4000 ක පමණ ප්‍රමාණයක් ඊට ඇතුළු වී ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
http://www.divaina.com/2011/11/29/news02.html
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පළමු පැය දොළහේදී ලක්‍ෂ 10ක ආදායමක්
ධනුෂ්ක ගොඩකුඹුර සහ නුවන් කොඩිකාර
දක්‍ෂිණ අධිවේගී මාර්ගය විවෘත කර පළමු පැය 12 ඇතුළත දී වාහන හාරදහස් පන්සියයක් ධාවනය කර තිබේ.
මේ මගින් රුපියල් ලක්‍ෂ දහයක් ඉක්මවූ මුදලක් උපයාගෙන ඇත. පළමු පැය 12 තුළදී වැඩිපුර ධාවනය කර ඇත්තේ මෝටර් කාර් බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප්‍රේමසිරි මහතා “දිනමිණ” ට පැවැසීය.
පෙරේදා (27) සවස 6.00 සිට ඊයේ (28) උදෑසන 6.00 දක්වා වූ පැය 12 කාලය තුළ මේ ගණන් බැලීම සිදුකළ බව පැවැසූ සභාපතිවරයා, පැය 24 ඉක්මවන විටදී මීට වඩා වාහන විශාල ප්‍රමාණයක් ධාවනය කරනු ඇති බවට හෙතෙම විශ්වාසය පළකළේය.
සාමාන්‍ය ජනතාව සඳහා පෙරේදා (27) සවස 6.00 න් පසු පැය 24 පුරාම දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කළ හැකි බව ද ඒ මහතා කීවේය.
http://www.dinamina.lk/2011/11/29/_art.asp?fn=n1111295
No comments:
Post a Comment