Monday, November 21, 2011

රෝගී "බුළුට" සෙත් පතති


දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නරඹන්නන්ගේ සිත්ගත් 1983 දී නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සත්වෝද්‍යානයෙන් ගෙනෙන ලද "බුළු" නමැති "ඔරං උටං" සත්වයා අධික වයස්‌ ගත භාවය නිසා දැඩි රෝගී තත්ත්වයට පත්ව සිටින අතර බුළුව සුවපත් කර ගැනීම සඳහා සත්වෝද්‍යාන පශු වෛද්‍යවරුන් ප්‍රධාන කාර්ය මණ්‌ඩලය දැඩි වෙහෙසක්‌ ගනියි.

එසේ වුවද "බුළු ඔරං උටං" සත්වයාට නිරෝගී සුවය පතා වැල්ලවත්ත ශ්‍රී විජයාරාමාධිපති පූජ්‍ය අහංගම ආනන්ද හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ජායනය කිරීමෙන් අනතුරුව පිරිත් පැන් පොවා, පිරිත් නූලක්‌ බැඳ ආශිර්වාද කළ අවස්‌ථාව ඡායාරූපයේ දැක්‌වේ.

දැනට 37 වැනි වියේ පසුවන බුළු බෝර්නියෝ වර්ගයේ දෙමුහුන් සත්වයකු වීම විශේෂත්වයක්‌ වන අතර සාමාන්‍ය ඔරං උටං සත්වයකුගේ ආයු කාලය අවු. 35- 40 ක්‌ වන අතර මෙවන් දෙමුහුන් වර්ගයේ ඔරං උටං සතකුගේ ආයු කාලය සාමාන්‍ය ඔරං උටං සතකුගේ කාලයට වඩා අඩුවිය හැකි බව සත්ත්ව විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.

සත්වෝද්‍යාන පශු වෛද්‍ය ජගත් ජයසේකර මහතාද ඡායාරූපයේ සිටියි.

එස්‌. පී. ආරියරත්න - රත්මලාන


http://www.divaina.com/2011/11/21/news25.html

No comments:

Post a Comment