Wednesday, July 13, 2011

මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳුන් 20,000 ක් කොටුවෙති

භාණ්ඩවල නියමිත මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳුන් විසිදහසක් කොටුකර ගැනීමට පාරිභෝගික අධිකාරිය සමත් වෙයි. පසුගිය මාස තුන තුළ මේ පිරිසට එරෙහිව වැටලීම් සිදුකර ඇත. මොවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් දසදහසත්, ලක්‍ෂයත් අතර දඩ නියම වී තිබේ.

නියමිත මිල සඳහන් නොකර භාණ්ඩ අලෙවි කිරීම මෙන්ම වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරන ව්‍යාපාරික ආයතනවලට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වෙයි. මෙවැනි වෙළෙඳුන් වෙතොත් ඒ පිළිබඳ තොරතුරු දන්වන ලෙස පාරිභෝගික අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

No comments:

Post a Comment