Thursday, July 14, 2011

කෘත්‍රිම වර්ණක යොදා සහල් විකුණූ දෙදෙනකුට නඩු

ඒමන්ති මාරඹේ
කෘත්‍රිම වර්ණකයන් යොදා ගනිමින් රතු පැහැ ගැන්වූ බාල සහල් වර්ගයක්‌ රතු කැකුළු සහල් ලෙස මහජනතාවට අලෙවි කිරීම සම්බන්ධව වරදකැවන් වූ නාරාහේන්පිට සහල් වෙළෙඳසල් හිමියන් දෙදෙනකුට එරෙහිව ආහාර පනත යටතේ ලබන සතියේදී මාලිගාකන්ද මහෙස්‌ත්‍රාත් උසාවියේ නඩු පවරන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් මහතා 'දිවයින' ට පැවැසීය.

රතු කැකුළු සහල් ලෙස හඟවමින් මෙම වෙළෙඳසල් හිමියන් කෘත්‍රිම වර්ණකයන් යෙදූ බාල සහල් මහජනතාවට අලෙවි කර ඇති බව රසායනාගාර පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. මේ අනුව අදාළ බාල සහල් තොග වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කරගෙන යන බව හෙතෙම සඳහන් කළේය.



Source: http://www.divaina.com/2011/07/14/news30.html

No comments:

Post a Comment