Thursday, July 14, 2011

දින වෙනස්‌කර වෙළෙඳපළට නිකුත් කිරීමට තිබූ වල්නාශක තොගයක්‌ අත්අඩංගුවට

රු. ලක්‍ෂ 5 කට අධික වටිනාකමින් යුක්තයි


ලසිත දුමින්ද

පන්නිපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ කෘෂි රසායනික ද්‍රව්‍ය බෙදාහරින සමාගමක්‌ කල් ඉකුත්වීමේ ලේබලය වෙනස්‌ කොට වෙළෙඳපළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්‍ෂ 5 කට අධික වටිනාකමකින් යුත් වල් නාශක පැකට්‌ තොගයක්‌ අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය පෙරේදා (12) සමත් වී ඇත.

එම කෘෂි රසායනික ද්‍රව්‍යය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ කෘෂි රසායනික ද්‍රව්‍යයක්‌ වන අතර අදාළ සමාගම ඒවා ආනයනය කර බෙදාහරිනු ලබන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙසේ ආනයනය කරන ලද වල් නාශක පැකට්‌ තොගයක්‌ එහි සඳහන් නිෂ්පාදිත දිනය සැලකිල්ලට නොගෙන එම ආයතනයේ අභිමතයට අනුව නිෂ්පාදිත දිනය වෙනස්‌කර තිබී ඇත.

2008 - 2009 වර්ෂවල නිෂ්පාදනය කරනු ලැබූ මෙම වල් නාශක පැකට්‌ ලක්‌ෂයකට ආසන්න ප්‍රමාණයක නිෂ්පාදිත දිනය 2010 ජනවාරි ලෙස සටහන් කොට වෙළෙඳපළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී පරිභෝගික අධිකාරිය මෙම වැටලීම සිදු කොට තිබේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ නියෝග මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.



Source: http://www.divaina.com/2011/07/14/news12.html

No comments:

Post a Comment