තුෂාරී කළුබෝවිල
ආසනික් අංශු මාත්‍රයක් හෝ ශරීරගත වුවහොත් දිගුකාලීන රෝග රැසකට එය අනිවාර්යයෙන් හේතුවන බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා "දිවයින" ට පැවසීය.
ඒ අනුව පිළිකා, හෘදයාබාධ, වකුගඩු ආසාදන, දියවැඩියාව, ජාන විකෘතිතා මෙන්ම වෛරස් උණට දක්‌වන ප්‍රතිශක්‌තිය අඩුවීම ප්‍රධාන රෝග වන බව වෛද්‍ය ජයසුමන මහතා කීවේය.
ආහාර භෝග සඳහා කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීමේදී ආසනික් අඩංගු කෘෂි රසායන ද්‍රව්‍ය පසට එකතු කිරීමෙන් අනිවාර්යයෙන්ම එම ආසනික් ආහාර භෝගවලට එකතු වන බව විශ්වවිද්‍යාල මට්‌ටමෙන් තමා ඇතුළුÊපිරිසිදු කළ පර්යේෂණවලින් තහවුරු වන බවද හෙතෙම පැවසීය.
එවැනි ආහාර පරිභෝජනය කිරීමේදී මිනිස් ශරීරයට ඇ=තුළත් වන ආසනික් ශරීරය ඇතුළේ එකතු වෙමින් දීර්ඝකාලීනව ලෙඩ රෝග ඇති කරවන බව ඒ මහතා කීවේය.
ආසනික් වගා කටයුතු සඳහා යෙදවීමෙන් ලබන ලාභය මෙන් දහස් ගුණයක් මුළු ජවිත කාලයම ආසනික් නිසා ඇති වන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා වැය කිරීමට ජනතාවට සිදුවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. එබැවින් ආසනික් පෙරදිග රටවලට අඩු මුදලට නිකුත් කිරීමෙන් බහුජාතික සමාගම් දීර්ඝකාලීන ලාභ උපයන බවද හෙතෙම පැවසීය. රජයේ වගකිවයුතු නිලධාරීන්ද බහුජාතික සමාගම්වල අතකොළුවක් බවට පත්ව සිටින බවද වෛද්‍ය චන්න ජයසුමන මහතා පැහැදිලි කළේය.
කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත නොකර කාබනික පොහොර හා සාම්ප්‍රදායික ක්‍රම වගා කටයුතු සඳහා යොදවන ලෙස වෛද්‍ය ජයසුමන මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.
Source: http://www.divaina.com/2011/07/14/news15.html
No comments:
Post a Comment