Thursday, July 14, 2011

මුව මස්‌ ළඟ තබාගත් පස්‌දෙනකු අත්අඩංගුවට

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

නීති විරෝධී ලෙස මුවකු දඩයම් කර මස්‌ ළඟ තබාගෙන සිටි පුද්ගලයන් පස්‌දෙනකු හම්බන්තොට ගන්නෝරුව පාන්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකා හම්බන්තොට කඳවුරේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ ඊයේ C13 වැනිදා) අලුයම 2.20 ට සමත් වී තිබේ.

පොලිස්‌ විශේෂ කාර්ය බළකා හම්බන්තොට කඳවුරේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ පාන්වැව ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී මෙම සැකකරුවන් අදාළ මුව මස්‌ සමඟ කොටුකරගෙන ඇත. මෙහිදී මුව මස්‌ කිලෝග්‍රෑම් පහක්‌ ද, අං තට්‌ටුව සහිත මුවෙකුගේ හිසක්‌ ද, මුවෙකුගේ පාද කොටසක්‌ ද, අඩි එකහමාරක්‌ පමණ දිග පිහියක්‌ ද ලේ තැවරුණු පොලිසැග් පැග් එකක්‌ ද එම නිලධාරීන් භාරයට ගෙන ඇති බව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස්‌ අධිකාරි පී. ඡේ සිල්වෙස්‌ටර් විඡේසිංහ මහතා 'දිවයින' ට පැවැසීය.

අත්අඩංගුවට පත් සැකකරුවන් හම්බන්තොට හා අම්ලන්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.



Source: http://www.divaina.com/2011/07/14/news33.html

No comments:

Post a Comment