Wednesday, July 13, 2011

කජු ගස් බහුලව කපනවා: කර්මාන්තකරුවෝ අසීරුවේ

අපේ කජු ලෝකයෙන් මුල්තැනට

කජු ගස් බහුල වශයෙන් කැපීමත්, ඉන්දියාවෙන් බදු රහිතව ඇතැම් පිරිස් කජු ගෙන්වීමත් නිසා උතුරු නැඟෙනහිර දෙපළාත් ඇතුළුව කජු කර්මාන්තයේ යෙදී සිටින ලක්‍ෂයකට අධික පිරිසක් ගැටලු රැසකට මුහුණ දී ඇතැයි, කජු කර්මාන්ත කරුවන් මෙන්ම සීමා සහිත සුළු පරිමාණ කජු පිරි සැපැයුම් කරුවන්ගේ සංගමය පවසති.ශ්‍රී ලංකා කජු සංස්ථාව, පිළිබඳව ශ්‍රී ලංකාව පුරා විශේෂ සමීක්‍ෂණයක් කර කජු කර්මාන්තය නගා සිටුවීමට වැඩ පිළිවෙළක් සකස් කරගෙන යන බවද එය, සාර්ථක මට්ටමකට ගතහොත්, යහපත් ප්‍රතිඵල ලබා ගත හැකි බවත් සුළු පරිමාණ කජු සැකසුම්කරුවන්ගේ සංගමය, පෙන්වා දෙයි.

මේ ගැන අදහස් දක්වන සුළු පරිමාණ කජු පිරි සැකසුම්කරුවන්ගේ සංගමයේ ලේකම් එම්. වින්සන්ට් පෙරේරා මහතා : අද කජු කර්මාන්තකරුවන් අසීරුවට පත්වෙලා. ශ්‍රී ලංකාවේ කජු ලෝකයේම හොඳම කජුයි. ඉන්දියාවේ කජු කුඩයි. රසයෙනුත් අඩුයි. බහුල වශයෙන් කැලෑබදව වැඩෙන නිසා ඉන්දියාවට යන එන පිරිස්, අඩු මිලකට කජු ගෙන එනවා. බද්දක්ද නැහැ. නමුත්, ශ්‍රී ලංකාවේ කජු කර්මාන්තයේ යෙදෙන ටික දෙනෙක් ඉන්දියාවෙන් කජු ගන්න උනන්දුවක් නැහැ. අද කොටුගොඩ නැදගමුව.  ලෝකි ලංගමුව අවට කජු කර්මාන්තයේ යෙදෙන ටික දෙනෙක් නිසා විශාල පිරිසකට ස්වයං රැකියා උත්පාදන වැඩ පිළිවෙළක් සැකසිලා.

ලෝකි ලංගමුව කජු ව්‍යාපාරික, ජුඩ් ආනන්ද මහතා : හලාවත ප්‍රදේශයෙන් සුළුවෙන් කජු ගෙනවිත් , ලෝකිලංගමුව කජු කර්මාන්තය ආරම්භ කළා. අද මා යටතේ විශාල පිරිසක් ස්වයං රැකියාවක් වශයෙන් කජු කර්මාන්තය යෙදිල සිටිනවා. කජු කර්මාන්තය ගැන තවදුරටත් අදහස් දැක්වන, ජුඩ් ආනන්ද මහතා ශ්‍රී ලංකාවේ කජු කර්මාන්තය ගම් මට්ටමින් ආරක්‍ෂා වුණොත් ගමේ සංවර්ධනයට වගේම රටට විදේශ විනිමය උපයා දෙන ආදායම් මාර්ගයක්ද වෙනවා යැයි පැවසීය.

No comments:

Post a Comment