ශිරාන් රණසිංහ
ජල විදුලි නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහළ යැම නිසා පෞද්ගලික ඩීසල් බලාගාරවලින් අධික මිල ගණන්වලට විදුලිය මිලදී ගැනීම සහ අධික වියදම් සහිත විදුලි නිෂ්පාදන කටයුතු නිසා ලංකා විදුලිබල මණ්‌ඩලය දිනකට ලබන පාඩුව රුපියල් කෝටි පහ ඉක්‌මවා යනු ඇතැයි ලංකා විදුලිබල මණ්‌ඩල ඉංජිනේරුවරු පවසති.
මේ වනවිට කෙරවළපිටිය ද්විත්ව චක්‍රීය බලාගාරයෙන් නිපදවන විදුලිය සඳහා ද විශාල වියදමක් දැරීමට සිදුව ඇතැයි ද ඔවුහු සඳහන් කරති.සාමාන්‍යයෙන් විදුලි ඒකකයක් මිලදී ගැනීම වෙනුවෙන් විදුලිබල මණ්‌ඩලය රුපියල් 18.64 ක පමණ මුදලක් (සාමාන්‍යය) වැය කරන අතර එලෙස ගන්නා විදුලි ඒකකයක් මණ්‌ඩලය පාරිභෝගිකයන්ට විකුණන්නේ රුපියල් 13.00 ක පමණ මිලකටය. ඇතැම් විට ඩීසල් බලාගාරවලින් රුපිල් 40, 50, 60 වැනි මිලකට විදුලි ඒකකයක් මිලදී ගන්නා අවස්‌ථා ද ඇතැයි මණ්‌ඩලයේ වාර්තා සඳහන් කරයි.
මෙම පාඩුසහගත ගනුදෙනුව හා තවත් කාරණා නිසා විදුලිබල මණ්‌ඩලය දිනකට රුපියල් කෝටි පහ ඉක්‌මවන පාඩුවක් ලබන බවත් ඒ අනුව මෙම වසරේ මණ්‌ඩලය ලබනු ඇතැයි අපේක්‍ෂිත රුපියල් බිලියන දහසයක පාඩුව ඉක්‌මවා යනු ඇතැයි ද විදුලිබල මණ්‌ඩලය පවසයි.
ඉදිරි කාලයේදීත් විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි නොලැබුණහොත් පෞද්ගලික හා රජය සතු සියලුම ඩීසල් විදුලි උත්පාදන යන්ත්‍ර ක්‍රියාත්මක කර රටට විදුලිය ලබාදීමට සිදුවෙතැයි ලංකා විදුලිබල මණ්‌ඩලය පවසයි.
පාරිභෝගික ජනතාවට අඛණ්‌ඩව විදුලිය ලබාදීම විදුලිබල මණ්‌ඩලයේ වගකීම බැවින් අවශ්‍ය මෙගොවොට් 2000 ක පමණ ප්‍රමාණය ලබා ගැනීමට හැකි විකල්ප ක්‍රම සියල්ලම ක්‍රියාවට නැංවීමටද මණ්‌ඩලය තීරණය කර තිබේ.
මේ අතර විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්‌ටම විශාල ලෙස පහළ යමින් පවතින අතර දිනකට ජල විදුලි නිෂ්පාදනය ගෙගාවොට් පැය විසිපහේ සිට ගෙගාවොට් පැය අට දක්‌වා අඩු වී ඇතැයි ද ගණන් බලා තිබේ.
Source: http://www.divaina.com/2011/07/14/news01.html
No comments:
Post a Comment