මැයි මාසයේ කොළඹින් ඩෙංගු රෝගීන් 260 ක් හමුවෙයි
ඒමන්ති මාරඹේ
පසුගිය මැයි මාසය තුළදී කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් ඩෙංගු උණ රෝගීන් 260 දෙනකු හා ඩෙංගු මරණ 2 ක් වාර්තා වී ඇති බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධරි ප්‍රදීප් කාරියවසම් මහතා "දිවයින" ට පැවැසීය.
මෙම ඩෙංගු රෝගීන් නැගෙනහිර කොළඹ, බොරැල්ල, මෝදර, හැව්ලොක් ටවුන්, තිඹිරිගස්‌යාය වැනි ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.
මේ අතර නුගේගොඩ ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු නිසි පරිදි සිදු නොවීමෙන් ඩෙංගු උණ වැලඳුණු විශාල පිරිසක් කළුබෝවිල ශික්‌ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. ප්‍රදේශයේ වාහන අමතර කොටස් කඩවල ටයර් හා අමතර කොටස් පිටතට නිරාවරණය වීමෙන් ඒවායේ වැසි ජලය එකතු වී ඩෙංගු මදුරු කීටයන් බෝවීම මෙසේ නුගේගොඩ ප්‍රදේශයේ ඩෙංගු උණ පැතිර යැමට හේතුවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
http://www.divaina.com/2011/06/06/news15.html
No comments:
Post a Comment