ශිරාන් රණසිංහ
කෙරවළපිටිය ද්විත්ව චක්‍රීය බලාගාරයේ මෙගොවොට් තුන්සියයක විදුලිබලය හා නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගොවොට් සියයක් මේ වනවිට ජාතික විදුලි පද්ධතියට එක්‌කර ඇති නිසා මේ වනවිට විදුලිබලය බිඳ වැටීම් නතරවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගොවොට් සියයට අමතරව ඉතිරි මෙගොවොට් දෙසීය ද ජාතික විදුලි පද්ධතියට අද (11 වැනිදා) දහවල් 12.00 වනවිට සම්බන්ධ කරන බවද, විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් "දිවයින" ට කීවේය. නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි පද්ධතිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීම සඳහා චීනයේ විශේෂ විදුලි ඉංජිනේරුවන් කිහිප දෙනකු හදිසියේ මෙරටට ගෙන්වා ගත් බවත් මෙරට සිටින චීන ඉංජිනේරුවරු විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශයට වාර්තා කර ඇති බවත් එම ප්‍රකාශකයා පැවැසීය.
නොරොච්චෝල (මෙගොවොට් 300), කෙරවළපිටිය (මෙගොවොට් 300) , කැලණිතිස්‌ස ද්විත්ව චක්‍රීය බලාගාරය (මෙගොවොට් 165, කැලණිතිස්‌ස (ජී. ටී., සෙවන් (මෙගොවොට් 115) සහ ඇඹිලිපිටිය තාප බලාගාරය (මෙගොවොට් 100) යන බලාගාර පහ එකවර නතරවීම නිසා පසුගිය දින කිහිපයේ ඇතැම් ප්‍රදේශවල විදුලි බිඳවැටීම් සිදුවිය.
කෙසේ වෙතත් නොරොච්චෝල බලාගාරයේ මෙගොවොට් සියය ජාතික පද්ධතියට එක්‌කර පැය විසිහතරක් පරීක්‍ෂණ මට්‌ටමේ තිබිය යුතු බවත්, ක්‍ෂණික ප්‍රශ්නයක් මතු නොවුණහොත් අද වනවිට ඉතිරි මෙගොවොට් දෙසීය ද සම්බන්ධ කරන බවත් චීන ඉංජිනේරුවරුන් පවසා තිබේ.
Source: http://www.divaina.com/2011/07/11/news13.html
‘ලක් විජය’ බලාගාරය යළි යථා තත්ත්වයට
තාක්‍ෂණික ගැටලු හේතුවෙන් අක්‍රීයව පැවති නොරොච්චෝල ‘ලක් විජය’ තාප බලාගාරය අද (11) යළි යථා තත්ත්වයට පත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.
ලක්විජය තාප විදුලි බලාගාරයේ පළමු අදියරේ ධාරිතාව මෙගා වොට් තුන්සියයකි. අක්‍රීය තත්ත්වයේ තිබූ එය දේශීය සහ චීන ඉංජිනේරුවන් විසින් මාස දෙකකට ආසන්න කාලයක් තුළ ප්‍රතිසංස්කරණය කරන ලදී. ඒ අනුව ඊයේ (10) අලුයම 2.40ට පමණ මෙගා වොට් තුන්සියයක ධාරිතාවෙන් මෙගා වොට් සීයක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කෙරුණි. ඉතිරි මෙගා වොට් දෙසීය අද දහවල් දොළහට ප්‍රථම ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට මේ වනවිට සැලසුම් කරමින් සිටී.
කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය බලාගාරය (මෙගා වොට් 165) මේ වන විට සම්පූර්ණයෙන් අක්‍රීය වී ඇත. කෙලවරපිටිය යුගදනව් බලාගාරය (මෙගා වොට් 300) පසුගිය සතියේ සිට එහි උපරිම ධාරිතාවට සකස් කර ඇත. මෙයට අමතරව තවත් කුඩා බලාගාර තුනක් දැනට අක්‍රිය වී තිබේ. මෙම විදුලි බලාගාර අක්‍රිය වීම සහ අඩපණ වීම පිළිබඳව සොයා බැලීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වන තිස්ස හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේ.
විදුලිය කපා හැරීම් පිළිබඳව මේ දිනවල නැගෙන චෝදනා අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි. විදුලි බලය කපා හැරීම පිළිබඳව කිසිදු තීරණයක් මේ වන තෙක් ගෙන නොමැති බවද කියයි. විවිධ ප්‍රදේශවල ක්ෂණිකව විදුලිය විසන්ධි වනුයේ විදුලිය සඳහා අධික ඉල්ලුමක් පවතින අවස්ථාවල තාක්‍ෂණික හේතුන් මත සිදුවන ක්ෂණික විසන්ධිවීම් නිසා බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
No comments:
Post a Comment