මහඉලුප්පල්ලම භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය වගකීම බාර ගනියි
කැලෑවක් ලෙස පෙරදා පැවැති මහඉලුප්පල්ලම භෝග පර්යේෂණ ආයතනයේ අද තත්ත්වය. |
මිරිස්, ලූනු, මුංඇට සහ බඩඉරිඟු ඉදිරි වසර දෙකක් ඇතුළත පිටරටින් ගෙන්වීම නැවැත්වීමේ වගකීම මහඉලුප්පල්ලම භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය බාරගනී.
මේ වනවිට මේ අත්‍යවශ්‍ය ආහාර භෝග 40% සිට 60% දක්වා ප්‍රමාණයක් වාර්ෂිකව පිටරටින් ආනයනය කරයි. මේවා මෙරට ගොවි දායකත්වයෙන් රටට අවශ්‍ය තරමට නිපදවීමට පියවර ගන්නා බව මහඉලුප්පල්ලම භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ඒ. ඇම්. විජයරත්න මහතා පැවැසීය.
විශේෂයෙන් අභාවයට ගොස් ඇති මිරිස් ලොකු ලුනු, මුංඇට වගාවන් යළි නගාසිටුවීමට අපි දැන් විශාල වශයෙන් අභිජනන බීජ සහ සහතික කළ බීජ නිපදවීමට පියවරගෙන තිබෙනවා.
නව මිරිස් ප්‍රභේදයක් අපි දැන් වගා කරලා තියෙනවා. මේවායේ බීජ ගොවීන්ට බෙදා දීලා අපි මේ වගාවන් රජරට පුරාවට ව්‍යාප්ත කරනවා.
අධ්‍යක්ෂ ඒ.ඇම්. විජේරත්න |
අපේ වගාවන් සඳහා යොදා ගැනීමට අපේම කාබනික පොහොර ඒකකයක් දැන් තියෙනවා. ගවපට්ටියේ ගොම සහ කුඹුරේ පිදුරු එකතු කරලා අපි කාබනික පොහොර හදනවා.
අපේ ආයතනය භාරයේ පැවති කිළිනොච්චි සහ කරදියනාරු රජයේ බීජ ගොවිපොළවල් යළි ගොඩනැගීමට දැන් පියවර ගෙන තිබෙනවා.
ආරම්භයේදී අපේ ආයතනයට අක්කර තුන් දහසක් පමණ තිබුණා. දැන් තියෙන්නේ අක්කර 1065 යි. මෙයින් වැඩි කොටස කැලෑවට ගිහිං තමයි තිබුණෙ. දැන් සම්පූර්ණ ඉඩම එළිපෙහෙළි කරලා. අලුතෙන් විවිධ වගාවන් ආරම්භ කර තියෙනවා.
රජරට ගොවි ජනතාව අතර මිරිස්, ලූනු, මුංඇට වගාවන් ව්‍යාප්ත කරලා රටට ඇති තරමට මේ ආහාර භෝග නිෂ්පාදනය කිරීමයි අපේ ඉලක්කය. ඉදිරි වසර දෙක තුළ මේ ඉලක්කය අපි ජය ගන්නවා.
සටහන හා ඡායාරූප එප්පාවල සමූහ බණ්ඩාර ඒකනායක
No comments:
Post a Comment