ඡායාරූපය සහ සටහන පුත්තලම - නලින් හෙන්දුරුගොඩ
Source: http://www.divaina.com/2011/07/04/news09.html
දිවි පැටවුන් තිදෙනා තබ්බෝවෙන් දෙහිවලට
පුත්තලම තබ්බෝව වන රක්‍ෂිතයේ මයිලන්කුලම කැලයේ අතරමංව සිටි දිවි පැටවුන් තිදෙනකු තම භාරයට ගත් අතර, එම පැටවුනගේ මවු දිවි දෙන සොයා වනයේ සෝදිසියක් ඇරැඹූ බව කරුවලගස්වැව වන ජීවී කාර්යාලය පැවසීය.
ගැහැනු සතුන් වන මේ පැටවුන් මෙයට මාස දෙකකට කලින් උපත ලබා ඇති අතර, තම භාරයට ගත් විට මෙම පැටවුන් දැඩි ලෙස දුර්වලව සිටි අතර, පසුව වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙන් පසු ඔවුන් සුවසේ සිටින බවත් කීය. මේ සතුන් අනුරාධපුර පණ්ඩුලගම වනජීවී කාර්යාලයට බාරදී ඇත. ඔවුන් දෙහිවල සතුන් වත්තට බාරදීමට පියවර ගෙන ඇති බවත් අනාවරණය විය.
No comments:
Post a Comment