නෝමන් පලිහවඩන
ශ්‍රී ලංකාවේ මදුරු වර්ග 235 ක් සිටින බව සෞඛ්‍ය පර්යේෂණ නිලධාරීන් විසින් කරන ලද පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
එහෙත් මෙම මදුරු වර්ගයන් දරුණු තත්ත්වයේ නොසිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් "දිවයින" ට පැවැසීය. මින් මදුරු වර්ග තුන හතරක් හැර අනික් මදුරු වර්ග සියල්ලන්ගෙන්ම දරුණු තත්ත්වයක් ඇති නොවන නමුත් ඉදිරි අනාගතයේදී එම මදුරුවන්ගෙන් කුමන තත්ත්වයක් ඇතිවිය හැකිදැයි කිව නොහැකි බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. මේ අතර ලොව පුරා රටවල් ගණනාවක මදුරු වර්ග 3500 ක් පමණ සිටින බව වාර්තා වේ.
Source: http://www.divaina.com/2011/07/12/news08.html
No comments:
Post a Comment