Wednesday, July 13, 2011

රටේ විදුලි අර්බුදයක්‌ තිබියදී කුඩා පරිමාණ ජල විදුලි බලාගාර 35 ක්‌ ඇරැඹීමට නිලධාරීන්ගෙන් බාධා

ජනිත සෙනෙවිරත්න

වර්තමානයේ ශ්‍රී ලංකාව විදුලිබල අර්බුදයකට මුහුණපා සිටියදීත් මෙගාවොට්‌ පනහකට වැඩි කුඩා පරිමාණ ජල විදුලි යෝජනා ක්‍රම තිස්‌පහක්‌ පමණ විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශ නිලධාරීන් විසින් ආරම්භ කිරීමට ඉඩ නොදී රඳවාගෙන සිටින බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේවා මෙගාවොට්‌ 1,2,3 ආදී කුඩා පරිමාණ ජල විදුලි බලාගාර යෝජනා ක්‍රම වන අතර ඇතැම් ඒවා සඳහා විදුලිබල ඇමැතිවරයා ද අවසර ලබා දී තිබියදීත් නිලධාරීන් ප්‍රමාද කරන බව සඳහන්ය.

මෙම බලාගාරවලින් විදුලිය ඒකකයක්‌ රුපියල් 13 සිට 15 දක්‌වා මිලකට විදුලිබල මණ්‌ඩලයට ලැබෙන අතර ඉන්ධන බලාගාරවලින් නිපදවන විදුලිය ඒකකයක්‌ විදුලිබල මණ්‌ඩලයට ලැබෙන්නේ රුපියල් 30, 35, 40 ආදී මිල ගණන්වලටය.

මේ නිසා පෞද්ගලික අංශයේ තාප බලාගාරවලින් විවිධ වරප්‍රසාද ලබන ඇතැම් නිලධාරීන් ජල බලාගාරවලින් විදුලිය නිපදවීම දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටින බව සඳහන් වේ.

මෙම ප්‍රමාදවීම් මාස ගණනාවක්‌ තිස්‌සේ විවිධ හේතු දක්‌වමින් සිදුකරන බවත් එසේ ප්‍රමාදවීම තුළ දිගින් දිගටම රටට විශාල පාඩුවක්‌ සිදුකරමින් විශාල වශයෙන් ඉන්ධන ආනයනය කරමින් විදුලිය ජනනය කරන්නට සිදුවන බවත් විදුලිබල අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.



Source: http://www.divaina.com/2011/07/13/news06.html

No comments:

Post a Comment