වහාම පරීක්‍ෂණයක් පවත්වන්න - ඇමැති නියෝග කරයි
සීගිරිය විශේෂ සහ නාඋල - නිමල් කණහැරආරච්චි
සීගිරියේ සංචාරයක යෙදුනු පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු නිලධාරීන් සහ මාධ්‍යවේදීන් පිරිසකට සීගිරිය තානායමේදී කල් ඉකුත් වූ පැණි බීම වර්ගයක් ලබාදීම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරියට අමාත්‍යවරයා විසින් ඊයේ (12 වැනිදා) පස්‌වරුවේ පැමිණිලි කර ඇත.
ප්‍රසිද්ධ සමාගමකට අයත් මෙම බීම වර්ගය මාස හයක කල් ඉකුත්වී තිබියදී දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු සියල්ලට ලබාදීම සම්බන්ධයෙන් තානායමේ පාලනාධිකාරියට අමාත්‍යවරයා විසින් දැඩි ලෙස අවවාද කළේය.
අදාළ තානායමට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා දඹුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට ද උපදෙස් දුන්නේය.
Source: http://www.divaina.com/2011/07/13/news21.html
No comments:
Post a Comment