ශ්‍රී පාද රක්ෂිතයේදී ගෝනකු මැරූ පිය පුතු දෙපළ රිමාන්ඩ්
කිලෝග්රෑම් 700ක් පමණ බර මේ දැවැන්ත ගෝනා සැකකරුවන් විසින් ජීවග්‍රහයෙන් අල්ලා හිසට පොරෝ පහරක් එල්ලකර පාද කපා දමා තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. සැකකාර පිය පුතු දෙපළ මස්කෙළිය හෝල්ටන් වතුයායේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
මොවුන් රක්ෂිතයේ මදු ගසා දීර්ඝ කාලයක් තිස්සේ සතුන් දඩයම් කැර තිබෙන අතර, මස්කෙළිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසිත කොටගොඩවත්ත මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල්වරුන් වන අධිකාරි, දිසානායක, වීරකෝන්, දීපාල්, ලියනගේ, රත්නායක, ගුණසේතර, සිවිල් ආරක්ෂක නිලධාරී රවී චන්ද්‍රන් නිලධාරීන් මේ වැටලීම සිදුකර තිබේ.
සැකකරුවන් හැටන් දිසා විනිසුරු සඳුන් විතාන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබ තිබේ.
මරා දැමුණු ගෝනාගේ මස් මස්කෙළිය පශු වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර මේ මස 06 දින අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දිසා විනිසුරු වරයා පොලීසියට නියෝග කළේය.
No comments:
Post a Comment