Monday, July 11, 2011

කොළඹ ගංවතුර පාලනයට රුපියල් මිලියන 8000ක්


කොළඹ ගංවතුර පාලනයට රුපියල් මිලියන 8000ක් වෙන් කර තිබේ.

ගංවතුර, සුළිසුළං, සුනාමි, නායයෑම්, වැනි ආපදාවන්ට ඔරොත්තු දෙන ආකාරයෙන් නගර නිර්මාණය කිරීම මෙමඟින් සිදු කෙරෙන අතර, ගිනි ගැනීම්, මෙන්ම ස්වභාවික මාර්ග අවහිර වීම්, අක්‍රමවත් කසළ බැහැර කිරීම් වැනි ක්‍රියාවන්ට පිළියම් ලෙස ඇළ මාර්ග පිරිසිදු කිරීම, ක්‍රමවත්ව අප ජලය බැහැර කිරීම ආදිය ද මේ යටතේ සිදු කිරීමට නියමිතය.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආපදා අවම කිරීමේ උපාය මාර්ගික වැඩ සටහන් මඟින් සහාය ලබා දේ.

ආපදාවක් ඇතිවීමේ දී චක්‍රලේඛනවලට කොටු නොවී ජනතාවට අවශ්‍ය ආධාර ලබා දීමට පියවර ගත යුතු බවත්, ආපදා අවම කිරීම සඳහා පළාත් පාලන ආයතනවලට අවශ්‍ය සෑම සහායක්ම ලබා දීමට පියවර ගෙන ඇති බවත්, ආපදා කලමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා මෙහිදී පැවැසීය.

කොළඹ නගරය තුළ ගංවතුර ඇතිවීමට හේතුවී ඇති ජලය බැසයන ඇළ මාර්ග හා කාණු පද්ධති සකස් කර ගංවතුර පාලනය සඳහා මෙම මුදල වෙන් කර ඇති බවත් ඇමැතිවරයා තවදුරටත් කීවේය.

No comments:

Post a Comment