(People protest against the damages by elephants)
අලි කරදර මැද්දේ අප කරනා යුද්දේ - විසඳුමි ඉල්ලා මාර්ග අවහිරකොට ගම්මාන රැසක ජනතාව උද්ඝෝෂණයක
සටහන අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
තමන්ට නිරන්තරයෙන් මුහුණපෑමට සිදුවී තිබෙන වල් අලි තර්ජනයට වහා විසඳුම් ලබා දෙන ලෙසට බල කර සිටිමින් වල් අලි ප්‍රහාරයකින් මරුමුවට පත් කාන්තාවකගේ මෘත දේහයක් අනුරාධපුර-පුත්තලම ප්‍රධාන මාර්ගයේ තබා අනුරාධපුර-උළුක්‌කුලම හා බුලන්කුලම ඇතුළු ගම්මාන කීපයක පදිංචි දහසකට ආසන්න පිරිසක් උළුක්‌කුලම පොදු සුසාන භූමිය ඉදිරිපිට දී පෙරේදා (09 දා) සවස පුරා පැය තුනක කාලයක් අඛණ්‌ඩ උද්ඝෝෂණයක නිරත වූහ.
ඉකුත් 07 වැනිදා පෙරවරුවේ සිය නිවස අසලදී වල් අලි ප්‍රහාරයකින් මරුමුවට පත් උළුක්‌කුලම, පලුගස්‌වැව පාරේ පදිංචිව සිටි තිදරු මවක වන තිස්‌පස් හැවිරිදි ඉනෝකා දමයන්ති මහත්මියගේ මෘත දේහය මහා මාර්ගයේ තබා, ගස්‌වල අතු දමා, ටයර් පුළුස්‌සමින් ඇතැම් පුද්ගලයන් බිම වැතිරී හා වාඩිවී මාර්ගය අවහිර කොට මෙලෙස උද්ඝෝෂණයේ නිරතවීම හේතුවෙන් පුරා පැය තුනක පමණ කාලයක් අනුරාධපුර-පුත්තලම ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනය ඇනහිට පැවැතිණි. මේ නිසා විකල්ප මාර්ග ඔස්‌සේ වාහන ධාවනය කරවීමට පොලිසියට සිදුවිය.
මේ නිසා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා ශාන්ති පදනමේ මෙහෙයවීමෙන් සංවිධානය කළ වාර්ෂික පිච්චමල් පූජාවට සහභාගි වී ආපසු සිය නිවෙස් බලා ගමන් කරමින් සිටි විශාල පිරිසකට දැඩි දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුවූහ.
පෙරේදා (09 දා) සවස 4.15 ට පමණ ආරම්භ වූ උද්ඝෝෂණය රාත්‍රි 7.15 පමණ තෙක් පැවැති අතර, එම කාලය තුළ අනුරාධපුර පොලිස් ස්‌ථානයේ නිලධාරීන් විටින් විට කණ්‌ඩායම් වශයෙන් පැමිණ කරුණු පැහැදිලි කරදී උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට උත්සාහ කළ ද එම උත්සාහයන් අසාර්ථක වූහ.
උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම වූයේ වනජීවී හා ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෝ වෙනත් රජයේ වගකිවයුතු උසස් නිලධාරියකු පැමිණ තමන් මුහුණපා සිටින වල් අලි තර්ජනයට විසඳුමක් ලබාදෙන බවට පොරොන්දුවක් ලබාදෙන ලෙසයි.
එසේ වුවහොත් පමණක් තමන් උද්ඝෝෂණය හමාර කිරීමට සූදානම් බවද ඔවුහු පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්හ.
අනතුරුව අනුරාධපුර දිස්‌ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත එහි පැමිණි අනුරාධපුර මධ්‍යම නුවරගම්පළාත ප්‍රාදේශීය ලේකම් ජී. ඒ. කිත්සිරි මහතා උළුක්‌කුලම හා බුලන්කුලම ඇතුළු ඒ අවට ගම්මානවල පවතින වල් අලි තර්ජනයට විසඳුමක් ලබාදීම පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම සඳහා අද (11 දා) පෙරවරුවේ උළුක්‌කුලම විහාරස්‌ථානයේ දී දිස්‌ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හා වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගේ හා වල්අලි තර්ජනයෙන් පීඩා විඳින ජනතාවගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට දිස්‌ත්‍රික් ලේකම්වරයා තීරණය කොට ඇති බැවින් උද්ඝෝෂණය හමාර කරන ලෙසට කළ ඉල්ලීමට අනුව උද්ඝෝෂකයෝ විසිර ගියහ.
මෙහිදී වල් අලි තර්ජනයෙන් තමන් විඳින අනේක විද දුක් පීඩාවන් පිළිබඳ "දිවයින"ට අදහස් පළ කළ උළුක්‌කුලමේ පදිංචි ආර්. එම්. පියතිස්‌ස මහතා -
මේ වල් අලි තර්ජනයෙන් අපි පීඩා විඳින්නෙ අද ඊයේ ඉඳල නොවෙයි. අවුරුදු ගාණක ඉඳල. වල් අලි රංචු වශයෙන් උළුක්‌කුලම, බුලංකුලම, ඉලන්දගහවැව, සමගිපුර, වීරවැව, ඉලුප්පන්කඩවල, පලුගස්‌වැව, වදාගම, ශ්‍රාවස්‌තිපුර, අලුත්වැව, මොරගොඩ, සියඹලාගස්‌වැව හා මිහිරිගම ඇතුළු ගම්මාන රාශියක රාත්‍රි කාලයේ සැරිසරමින් මුළුමනින්ම වතු ආලපාළු කරනවා.
මේ පිළිබඳ අපි නිතරම වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කරනවා. සමහර වෙලාවට අනුරාධපුර වනජීවී කාර්යාලයට ගොස් අපි විඳින දුක් ගැහැට ගැන කිව්වම වනජීවී නිලධාරීන් වාහනයකින් දෙකකින් ඇවිත් ගමේ හිතවත් දෙතුන් දෙනෙක් සමග එක්‌ව වැව්පිටියෙ පාටි දාල ඔවුන්ගෙ හිතවත් කීප දෙනකුට අලි වෙඩිල්ලක් දෙකක් දීල යන්න යනවා. ඒක තමයි වනජීවී නිලධාරීන්ගෙ විසඳුම. වෙනත් කිසිම ස්‌ථීරසාර විසඳුමක් මේ වල් අලි තර්ජනයට වනජීවී නිලධාරීන් දෙන්නෙ නෑ.
මේ වන විට උළුක්‌කුලම හා අවට ගම්මානවල පදිංචිව සිටි පුද්ගලයන් හය හත් දෙනකුට වැඩිය වල් අලි ප්‍රශ්නවලට ලක්‌ව මියගොස් තිබෙනවා. තමන්ගෙ ගොවිපළ රැකගැනීමට ගොවියකු හිතේ වේදනාවට අලියකුට වෙඩි තියල මරා දැමුවොත් වනජීවී නිලධාරීන් හා අනිකුත් වගකිවයුතු ආයතනවලින් පැමිණ අඩි හප්පල, අඬු පුප්පල, දෙක තුනක් ඇනල ඒ ගොවියව කුදලගෙන ගිහින් සිරගත කරනව. වල් අලියකු විසින් මිනිස් ජීවිතයක් නැති කරනවිට වනජීවී නිලධාරීන් බොහොම මන්දගාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෙ. ඒ අයට බල්ලෙකුගෙ ජීවිතයක් තරම්වත් මිනිස් ජීවිතයක් වටින්නෙ නෑ.
උළුක්‌කුලමේ පදිංචි චන්ද්‍රනි විඡේ රත්න මහත්මිය - මම මේ ගමේ අවුරුදු තිස්‌හතරක් පමණ ජීවත්වෙනවා. දැනට අවුරුදු පහළොවක පමණ කාලයක සිට මේ වල් අලි තර්ජන අපට තියෙනවා.
Source: http://www.divaina.com/2011/07/11/provin02.html
අලි-මිනිස් ගැටුම පිළිබදව විසදුම් ෙසවීෙම් අැති සංකීර්ණත්වය මින් පැහැදිලි ෙව්. ෙමය ඒ ජනතාව අතරින් සැබැවින්ම පැමිණි උද්ෙඝා්සණයක් නම් ඒ ෙකෙර් අවධානය ෙයාමු කළ යුතු ෙව්.
ReplyDelete