Monday, April 16, 2012

වීරවිල සමෘද්ධි වැවේ වෙඩි වැදී වැටී සිටින අලියාට ප්‍රතිකාර ලබා දෙති

දෙබරවැව - ඒ. ඒ. පේමසිරි


වීරවිල කුඩා ගම්මාන එකොළහ සමෘද්ධි වැවෙහි වැටී සිටින වෙඩි වැදුණු අලියකුට පශු වෛද්‍යවරුන් ප්‍රධාන වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

පිටුපස පාදයට වෙඩි වැදීම හේතුවෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන මෙම වන අලියා 13 වැනිදා උදැසන පැමිණ වැවෙහි ඇද වැටී ඇත.

එහෙත් එදිනම අලියාට ප්‍රතිකාර කිරීමට පශු වෛද්‍යවරුන් නොපැමිණි අතර පසුදින (14 වැනිදා) පෙරවරුවෙහි උඩවලව ඇත් අතුරු සෙවනෙහි පශු වෛද්‍යවරු පැමිණ වෙඩි වැදී වැටී සිටි අලියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කළහ.

මෙම අලියාට ප්‍රතිකාර කිරීම දකුණ හා සබරගමුව පළාත භාර වනජීවී පශු වෛද්‍ය නිලධාරී බී. වී. පෙරේරා මහතාගේ උපදෙස්‌ මත උඩවලව ඇත් අතුරු සෙවණෙහි පශු වෛද්‍ය නිලධාරී මාලක අබේවර්ධන මහතා ප්‍රධාන වනජීවී නිලධාරීන් විසින් සිදුකරනු ලැබේ.

මෙම අලියා මීට දින කිහිපයකට පෙරද තිස්‌සමහාරාම වීරවිල අඳල්ල තිස්‌පහේ වැවෙහි වැටී සිටියදී වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර කිරීමෙන් පසු නැගිට කැලෑ ප්‍රදේශයට ගිය බව බුන්දල ජාතික වනෝද්‍යානයෙහි භාරකරු චින්තක අබේරත්න මහතා පැවැසීය.

පශු වෛද්‍ය නිලධාරී මාලක අබේවර්ධන මහතා ප්‍රධාන වනජීවී නිලධාරීන් විසින් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අලියාට ප්‍රතිකාර ලබාදෙන අවස්‌ථාව සහ තිස්‌සමහාරාම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රසාද් ප්‍රනාන්දු මහතා ප්‍රධාන පොලිස්‌ නිලධාරීන් එම රෝගී අලියාට ප්‍රතිකාර හා කෑම ලබාදෙන අවස්‌ථාව ඡායාරූපයෙන් දැක්‌වේ.


http://www.divaina.com/2012/04/16/news09.html

No comments:

Post a Comment