Friday, April 20, 2012

නිල්වලා ගඟේ කිඹුල් මෙහෙයුම නැවතත්

අනුර බාලසූරිය


මාතර නිල්වලා ගඟේ මිනීමරු කිඹුලන් ඇල්ලීමේ කටයුතු දිගටම සිදු කෙරෙන බවත්, දැනට ගඟේ කිඹුලන් ගැවසෙන ස්‌ථාන පිළිබඳ තොරතුරු රැස්‌ කිරීමේ කටයුතු සිදු කෙරෙන බවත් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ එච්. ඩී. රත්නායක මහතා පැවැසීය.

ප්‍රථම කිඹුලා අල්ලා ගැනීමෙන් පසු ජනතාව එම ස්‌ථානයට එක්‌රොක්‌ වීම නිසා මෙහෙයුම් කටයුතුවලට බාධාවක්‌ වූ බැවින් උගුල් ඇටවීම මේ දිනවල නොකළ බවත්, නැවත හෙට (20 දා) සිට එම කටයුතු සිදු කෙරෙන බවත් හෙතෙම සඳහන් කළේය.

නිල්වලා ගඟේදී ජීවිත දෙකක්‌ කිඹුලෙකුට ගොදුරු වූ ස්‌ථානය අවට කිලෝමීටර් දෙකක පමණ ගඟ ප්‍රදේශයේ සිටින කිඹුලන් පිළිබඳව නිලධාරි පිරිසක්‌ දැනටත් තොරතුරු රැස්‌ කරමින් සිටින බවත් එම තොරතුරු අනුව ඉදිරි මෙහෙයුම් සිදුකෙරෙන බවත් පැවැසීය.

නිල්වලා ගඟේ මිනීමරු කිඹුලන් ඇල්ලීමේ කටයුතු සිංහල අලුත් අවුරුද්දට පෙර සිට ආරම්භ කර ප්‍රථම කිඹුලා අල්ලා ගන්නා තෙක්‌ අවුරුදු නිවාඩු ද නොතකා එම නිලධාරීන් එක දිගටම මෙහෙයුම් කටයුතුවල නිරත වූ බවත්, කිඹුලන් ගැවසෙන ස්‌ථාන පිළිබඳ නිශ්චිත තොරතුරු රැස්‌කර ගෙන උගුල් ඇටවීමේ කටයුතු ඉදිරි දිනවල සිදු කිරීමට සැලසුම් කර ඇතැයි ද ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්‌. එම්. චJද්‍රසේන මහතා 'දිවයින' ට පැවැසීය.

අල්ලාගනු ලබන කිඹුලන් යාල වනෝද්‍යානයට තාවකාලිකව මුදාහැරෙන බවත් ඉන් පසු කිඹුලන් සඳහා වෙනම උද්‍යානයක්‌ ඇති කිරීමෙන් පසු එම උද්‍යානවලට මෙම සතුන් මුදා හැරීමට කටයුතු කරන බවත් රත්නායක මහතා සඳහන් කළේය.


http://www.divaina.com/2012/04/19/news28.html

No comments:

Post a Comment