Friday, April 20, 2012

පාසිකුඩා වෙරළ තීරයේ හෝටල් හදන්න පස්‌ ලබාදීම කඩිනමින්

පාසිකුඩා වෙරළ තීරයේ හෝටල් ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන පස්‌ කියුබ් හාරදහස ඉක්‌මනින් ලබාදීමට කටයුතු කරන ලෙස ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (18 වැනිදා) නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

හෝටල් ඉදිකිරීම සඳහා පස්‌ කියුබ් හයදහසක අවශ්‍යතාවක්‌ පැවැති අතර ඉන් කියුබ් දෙදහසක්‌ ලබාදීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි. ඉතිරි පස්‌ කියුබ් හාරදහස ලබාදීම කාලයක සිට ප්‍රමාදව පැවැති අතර, ඊයේ (18 වැනිදා) ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ප්‍රමාදව පැවැති පස්‌ තොගය ලබා දීමට නිලධාරීන් එකඟ වී ඇත.

මෙම පස්‌ ලබාදීමට භූ විද්‍යා පතල් කාර්යාංශය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එකඟතාව පළ කළ බව ද සංචාරක සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්‍ෂ හේමන්ත විඡේකෝන් මහතා පැවැසීය. පාසිකුඩා වෙරළ තීරයේ කාමර දහසකින් යුක්‌ත හෝටල් දහහතරක්‌ ඉදිකෙරෙන අතර, ඉන් දෙකක වැඩ මේ වන විට අවසන් කර ඇතැයි ද හේමන්ත මහතා කීය. හෝටල් සියල්ලේ ඉදිකිරීම් මේ වසරේ දෙසැම්බර් අවසන් වීමට පෙර සිදුකළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


http://www.divaina.com/2012/04/19/news29.html

No comments:

Post a Comment