Friday, April 20, 2012

වාහන නලා හඬ පාලනයට පොලිසියට තාක්‍ෂණ මෙවලම්

සිරිමන්ත රත්නසේකර

අනවශ්‍ය තරම් අධික හඬින් නලා ශබ්ද කරන රියෑදුරන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තාක්‍ෂණ මෙවලම් කඩිනමින් පොලිසිය වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බව පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.


ශබ්දය පාලනය කිරීමේ නව නීති රෙගුලාසි හඳුන්වා දී ඇතත් එම කටයුතු ප්‍රායෝගිකව සිදු නොවන්නේ තාක්‍ෂණික මෙවලම් නොමැතිවීම නිසා බවත් ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.


විශේෂයෙන්ම බස්‌ රථ රියෑදුරන් හා ලොරි රථ රියෑදුරන් අධික ශබ්දය සහිත නලා හඬවන බව පැවසූ ඇමැතිවරයා මෙම තත්ත්වය පාලනය කළ යුතුව ඇති බව කීය.

http://www.divaina.com/2012/04/19/news09.html

No comments:

Post a Comment