Friday, April 20, 2012

සාමාන්‍ය තැපෑල 10%කින් අඩු වෙලා

උපාලි කරුණාරත්න

සාමාන්‍ය තැපැලේ සියයට දහයක අඩුවීමක් සිදු වුවත් ව්‍යාපාරික තැපෑලේ අඩුවීමක් සිදු වී නොමැති බව තැපැල්පති රෝහණ අභයරත්න මහතා “ දිනමිණට” පැවැසීය.

ජංගම දුරකතන භාවිතය, ඒවා හරහා කෙටි පණිවිඩ යැවීම, අන්තර්ජාල පහසුකම් වැනි දේ ජනතාව භාවිතා කිරීම සාමාන්‍ය තැපැල් භාවිතය අඩුවීමට හේතු වී ඇති බවද තැපැල්පතිවරයා ප්‍රකාශ කළේය.

තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ක්‍රියාවලියට විශාල පිරිසක් සහභාගි වෙනවා. ඒ නිසා විශාල සේවක සංඛ්‍යාවකට වැටුප් ගෙවිය යුතුයි. තැපැල් දෙපාර්තමේන්තුව වාර්ෂිකව ලබන පාඩුව අඩුකර ගැනීමට අපි මේ වන විට විවිධ ක්‍රමවේදයන් සකස් කරමින් සිටිනවා.


http://www.dinamina.lk/2012/04/19/_art.asp?fn=n1204199

1 comment:

  1. මේ 10% නිවැරදිද? 2011 මහ බැංකු වාර්තාවට අනුව එක් පුද්ගලයකුට ලැබෙන සාමාන්‍ය ලිපි ගණන 2010 දී පැවැතියේ 18ක් ලෙසය. එය 2011 දී 12 දක්වා 33% කින් අඩු වී තිබේ.

    ව්‍යාපාරික තැපෑලේ ඔය කියන ආකාරයේ අඩුවක් නැත්තේ නම් එක් පුද්ගලයකු ලබන ලිපි ගණන 18 සිට 12 දක්වා අඩු වූයේ කෙසේද?

    ReplyDelete