ආචාර්යවරු ජනපතිට දැනුම් දෙති
නිලන්ත මදුරාවල
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අඩපණ කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පෙරේදා (17 වැනිදා) ලිතව දැනුම් දී ඇත.
මෙම උත්සාහයට දැඩි විරෝධය පළ කරන බව සඳහන් කර ඇති එම සම්මේලනය රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන කපා හරිමින් තිබෙන බව ද ජනාධිපතිවරයාට දන්වා තිබේ.
මෙතෙක් විශ්වවිද්‍යාල මගින් පාලනය වූ සමහර අරමුදල් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන ඇතැයි ද සඳහන් කර ඇති සම්මේලනය ඒ සඳහා උදාහරණ කිහිපයක් ද පෙන්වා දී ඇත.
උසස් අධ්‍යාපනයට අදාළව සිදු කෙරෙන ප්‍රතිසංස්‌කරණවලදී ආචාර්යවරුන් සහභාගි කර ගත යුතු බවට සම්මේලනය මීට පෙර ප්‍රකාශ කර සිටි නමුත් ඒ පිළිබඳ සැලකිල්ලක් නොදක්‌වා මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමේ ක්‍රියාමාර්ගවලට අවතීර්ණව සිටින බව ද සම්මේලනය සඳහන් කර තිබේ.
තවද වෙනත් රටවල් අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයකට වැඩි ප්‍රමාණයක් වෙන් කරන විට ආණ්‌ඩුව පසුගිය වසරටත් වඩා අඩු ප්‍රමාණයක් මෙවර වෙන් කර ඇතැයි ද එහි සඳහන් කර ඇත.
http://www.divaina.com/2012/04/19/news01.html
No comments:
Post a Comment