Friday, April 20, 2012

බස්‌නාහිර පළාතේ ඉඩම්වලට සිතියම්ගත තොරතුරු පද්ධතියක්‌

ශ්‍යාම් නුවන් ගනේවත්ත

බස්‌නාහිර පළාතේ රජයට අයත් ඉඩම්වල පිහිටීම ඇතුළත් සිතියම්ගත තොරතුරු පද්ධතියක්‌ සකස්‌ කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය පියවර ගෙන තිබේ.

මෙම පළාතේ රජයට අයත් ඉඩම් තොරතුරු පරිගණක ගත කිරීමේ දෙවැනි අදියර වශයෙන් මෙය සිදු කෙරෙන බව එම නියෝජිතායතනය කියයි.

බස්‌නාහිර පළාතේ රජයට අයත් ගොඩනැගිලි සහිත සහ රහිත ඉඩම්වල තොරතුරු මේ වන විට මුළුමනින්ම පරිගණකගත කර අවසන් බවද එය කොටස්‌ වශයෙන් අසූදහසක්‌ පමණ වන අතර එම ඉඩම්වල පිහිටීම මෙසේ සිතියම් ගත කරන බවද නියෝජිතායතනය පවසයි.

විවිධ භූවිෂමතා මෙන්ම පාරිසරික අතින් වැදගත් ඉඩම් පහසුවෙන් හඳුනා ගැනීමට හැකිවන ආකාරයෙන් මෙම සිතියම් ගත කිරීම සිදු කෙරේ.

රජයේ ඉඩම් සංවර්ධනය කිරීම, ආරක්‍ෂාකර ගැනීම මෙන්ම ඉඩම් භාවිතය පිළිබඳව අදාළ ආයතනවලට නිවැරැදි තීන්දු තීරණ ගැනීමට මෙය රුකුලක්‌ ද වේ.

ඉඩම් කොමසාරිස්‌ ජනරාල් දෙපාර්තමේන්තුවේ සහායද මේ සඳහා ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය තවදුරටත් පවසයි.


http://www.divaina.com/2012/04/20/news14.html

No comments:

Post a Comment