Friday, April 20, 2012

හම්බන්තොට වරායට ගොඩබාන වාහන සඳහා නිදහස්‌ ගාස්‌තු ක්‍රමයක්‌

ලසිත දුමින්ද

හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ වරාය වෙත පැමිණෙන ප්‍රවාහන නෞකාවන් විසින් ගෙන එනු ලබන මෝටර්Êවාහන සඳහා විශේෂ නිදහස්‌ ගාස්‌තු ක්‍රමයක්‌ හඳුන්වාදීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තීරණය කර ඇත.

කොළඹ වරායේ පවතින අධික තදබදයට පිළියමක්‌ වශයෙන් ලබන මැයි 31 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ වරායේ වාහන ප්‍රවාහන නෞකාවන් සඳහා පර්යන්ත මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

මෙම නව තීරණයට අනුව වාහන ප්‍රතිඅපනයන ක්‍රියාවලියට අවශ්‍ය පර්යන්ත පහසුකම් ඇතුළු සියලු පහසුකම් ලබාදීමට හම්බන්තොට වරාය සූදානම් බවද වරාය අධිකාරිය සඳහන් කරයි.

එසේම වාහන ආනයන ක්‍රියාවලිය හා බැඳුණු රේගු සේවා හා අනිකුත් නිෂ්කාශන කටයුතු කොළඹදී මෙන්ම මෙහිදීද කාර්යක්‌ෂමව ආනයන කරුවන්ට හිමිවන බවද වරාය අධිකාරිය වැඩිදුරටත් පවසයි.


http://www.divaina.com/2012/04/19/news14.html

No comments:

Post a Comment