Wednesday, April 18, 2012

බාහිර පරිසරයට එකතු කරන කසළ තවත් කෙනකුට සම්පතක්‌ විය යුතුයි

අමල් උඩවත්ත

"ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්‌ථානය වසර 2002 දී පිහිටුවා මේ වසරට වසර 10ක්‌ සපිරෙනවා. මේ කාලය තුළ පිවිතුරු නිෂ්පාදන පිළිබඳ සංකල්පය ව්‍යාපාරිකයන්ට මෙන් ම ප්‍රතිපත්ති සම්පාදකයන්ට හඳුන්වා දීමක්‌ වගේ ම විශ්වවිද්‍යාලවලට හඳුන්වා දීමක්‌ ද සිදු කෙරුණා. ලෝකය ක්‍රමයෙන් වෙනස්‌ වෙනවා. කලකට පෙර ව්‍යාපාරිකයන් ලාභ ඉපයීමට පමණයි උනන්දු වූයේ. අද ඊට වඩා වෙනස්‌. අද බොහෝ ව්‍යාපාරිකයන් පරිසරය රැකගෙන ලාභ ඉපයීම සඳහා ව්‍යාපාර කරනවා" යනුවෙන් ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු වී. ආර්. සේන පීරිස්‌ මහතා පැවසී ය. පසුගිය දා එම ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා zකර්මාන්ත ඉදි කර පරිසරයට හානි සිදු කරන්න එපාZ කිව්වත් ලෝකයේ සැම රටක්‌ ම තේරුම් ගත් දෙයක්‌ තමයි, පරිභෝජනය පාලනය කිරීම අත්‍යවශ්‍යයි කියන එක. නිදසුනක්‌ ලෙස මේ ලෝකේ සියලු දෙනා ම සුඛෝපභෝගී ජීවිත ගත කරන්න ගියොත් මොක ද වෙන්නේ. දැනට ලෝක ජනගහනයෙන් සියයට විස්‌සක්‌ වන ප්‍රමාණය පමණයි, සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ. ඉතිරි සියයට අසූව විවිධ තරාතිරම් අනුව ජීවිත ගත කරන අය. ඒ නිසා තිරසාර සංවර්ධනය හා තිරසාර පරිභෝජනය යන දෙක ම එක ම විය යුතුයි. ස්‌ථිරසාර පරිභෝජනය කියන්නේ පරිභෝජනය අඩු කරන එක නො වෙයි. තිරසාර පරිභෝජනය හෙවත් බුද්ධිමත් පරිභෝජනය හරහා නාස්‌තිය නැත්නම් අපතේ යැම් අඩු කළ හැකියි. බහුතර නිෂ්පාදනයක්‌ පරිසරයට අහිතකරයි. අපි හරිත ආර්ථිකයක්‌ ගත කරනවා. ඒ වගේ ම හරිත කර්මාන්තයක්‌ ගැනත් කතා කරනවා. මේ දෙකෙන් ම අපි කතා කරන්නේ තිරසාර පරිභෝජනය ගැනයි. යනුවෙන් පැවසී ය.

http://www.vidusara.com/2012/04/18/news1.html

No comments:

Post a Comment