Friday, April 20, 2012

විදුලිබල ඇමැතිගේ "හෙට වෙනුවෙන් අද" බොරු ප්‍රොaඩාවක්‌

මින් විදුලිය ඉතුරුවක්‌ වන්නේ නැහැ
- විදුලි වෘත්තීය සමිති චෝදනා කරයි


ශිරාන් රණසිංහ

ලංකා විදුලිබල මණ්‌ඩලයට සිදුවන මූල්‍ය පාඩුව අවම කර ගැනීම සඳහා විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය ආරම්භ කළ ''හෙට වෙනුවෙන් අද'' වැඩසටහනේ ප්‍රගති සමාලෝචනයක්‌ අද (20 වැනිදා) සිදු කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරට මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය මගින් පසුගිය අප්‍රේල් 02 වැනිදා සිට විදුලි පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා ද අතිවිශාල වියදමක්‌ දරමින් ආරම්භ කළ මෙම වැඩසටහන මගින් විදුලිය සුරැකීම සාර්ථක වී දැයි තවමත් සොයා බලා නැත.

මේ වන විට තාප විදුලි බලාගාරවලින් රටට අවශ්‍ය මුළු විදුලි බලයෙන් සියයට අසූවක්‌ පමණ ලබාගන්නා අතර විදුලිය බලය පාවිච්චිය අඩු කිරීම හරහා ආයතනයට වන පාඩුව අවම කර ගැනීම ''හෙට වෙනුවෙන් අද'' විදුලිය සුරැකීමේ ජාතික වැඩසටහන ක්‍රියාවට නංවන ලදී.

කෙසේ වෙතත් මෙහි ප්‍රගතිය පිළිබඳව ක්‍ෂණිකව යමක්‌ ප්‍රකාශ කළ නොහැකි බවද අමාත්‍යාංශය පවසයි.

මේ අතර ලංකා විදුලිබල මණ්‌ඩල වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ අතිවිශාල වියදමක්‌ දරා දැන්වීම් පළ කරමින් ප්‍රචාරක කටයුත්තක්‌ මිස මින් විදුලි බලයක්‌ ඉතිරි කරගත නොහැකි බවයි. විදුලිබල මණ්‌ඩලය තුළ සිදුවන දූෂණ වංචා හා දේශපාලනඥයන් විසින් කරන කොමිස්‌ ගැසීම් හා අසාර්ථක ව්‍යාපෘති නතර කරන්නේ නම් ඊට වඩා මූල්‍ය ඉතිරියක්‌ වන බවද වෘත්තීය සමිති පෙන්වා දෙති.


http://www.divaina.com/2012/04/20/news12.html

1 comment:

  1. මෙය යහපත් ආරම්භයක්. මේ වන විට විදුලිබල සමිති හා බලධාරීන් අතර ඇති ගැටුම් හේතුවෙන් මේ චෝදනා එල්ල වනවා විය හැකිය.

    ReplyDelete