Wednesday, April 18, 2012

Crocodile attack victims' families supported (2 items)

නිල්වලා ගඟේ කිඹුලාට බිලිවූ දෙදෙනාගේ පවුල්වලට ආධාර

අනුර බාලසූරිය



මාතර නිල්වලා ගඟේදී මිනීමරු කිඹුලකුට ගොදුරු වූ පාසල් සිසුවියගේ හා දෙදරු මවකගේ නිවෙස්‌ වෙත ගිය ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා එම පවුල්වල සුවදුක්‌ විමසූ අයුරු.


මාතර නිල්වලා ගඟේ මිනීමරු කිඹුලෙකුට ගොදුරු වූ පාසල් සිසුවිය වෙනුවෙන් ඇයගේ පවුලේ අයට නිවසක්‌ ඉදිකරදීමටත්, ඊට පෙර එම කිඹුලා විසින් ඩැහැගත් දෙදරු මව වෙනුවෙන් ඇයගේ නිවුන් දරුවන් දෙදෙනාට රුපියල් ලක්‍ෂ දෙකක බැංකු ගිණුමක්‌ ආරම්භ කිරීමටත් ඇය පදිංචිව සිටි නිවසේ වැඩ නිම කර ගැනීමට රුපියල් ලක්‍ෂයක මුදලක්‌ ලබාදීමටත් ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පියවර ගෙන ඇත.

කිඹුලාට බිලිවූ පාලටුව ගුණරතන මහ විදුහලේ ඉගෙනුම ලැබූ නුවන්තිකා සත්සරණී (18) සිසුවිය වෙනුවෙන් හා කරගොඩ උයන්ගොඩ කේ. කාන්ති නමැති දෙදරු මව වෙනුවෙන් මෙම පරිත්‍යාගයන් කෙරෙනු ඇත.

නිල්වලා ගඟේ කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුම දැක බලා ගැනීමට පසුගිය 16 වැනිදා මාතර පාලටුව ප්‍රදේශයේ සංචාරයක නියුතු වූ අවස්‌ථාවේ ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම මෙහෙයුමේ යෙදී සිටින වනජීවී සහකාර අධ්‍යක්‍ෂ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා ඇතුළු පරිසරවේදීන් කණ්‌ඩායම මුණගැසුණු අමාත්‍යවරයා ස්‌වෙච්ඡාවෙන් කිඹුලන් ඇල්ලීමට ඉදිරිපත්ව සිටින තරුණ පරිසරවේදීන් පිරිසට රජයේ වියදමින් උගුල් ඇටවීම සඳහා යොදන කූඩු හා අවශ්‍ය පහසුකම් සලසා දෙන බව ද පැවසීය.

මියගිය නුවන්තිකා සත්සරණි (18) සිසුවිය කිඹුලාට ගොදුරු වූ ස්‌ථානයේ සිට ඇයගේ නිවස හා ගඟ අතර වූයේ අඩි පහළොවක පමණ දුරකි. ඉතාමත් අනාරක්‍ෂිත ස්‌ථානයක පිහිටි සිසුවියගේ නිවසට ගිය ඇමැතිවරයා ඇයගේ දෙමාපියන් හා සොහොයුරා මුණගැසී පවුලේ සාමාජිකයන් සඳහා රජයේ ඉඩමක නව නිවසක්‌ තනා දීමට කටයුතු යොදන බව පැවසීය.

ඊට පෙර කිඹුලාට බිලිවූ දෙදරු මවක්‌ වූ කේ. කාන්ති (26) මහත්මියගේ නිවසට පැමිණි අමාත්‍යවරයා ඇයගේ සැමියා හා නිවුන් දෙදරුවන්ගේ (6) සුවදුක්‌ විමසා ඔවුන් සඳහා රුපියල් ලක්‍ෂ දෙකක බැංකු ගිණුමක්‌ ආරම්භ කිරීමටත්, ඇය පදිංචිව සිටි නිවසේ ඉදිකිරීම් නිමකර ගැනීම සඳහා තවත් රුපියල් ලක්‍ෂයක මුදලක්‌ ලබාදීමටත් කටයුතු කරන බව පවසන ලදී.


http://www.divaina.com/2012/04/18/news14.html


Croc victims to receive compensation

Matara Special, Akuressa Central Special and Malimbada Group Corrs.

Steps will be taken soon to compensate families whose members fall victim to crocodiles in the Nilwala Ganga, said Agrarian Services and Wildlife Minister S.M. Chandrasena. This follows directives issued by President Mahinda Rajapaksa subsequent to the death of a mother of two and an 18-year schoolgirl after being attacked by man- eating crocodiles in the Niwala Ganga within a week recently, he added.

The minister disclosed this to the press when he visited several spots on the banks of Niwala Ganga in Kadduwa, Kamburupitiya and Kudaduwa Malimbada where people had fallen victims to crocodiles, for an inspection tour recently.

The minister who also visited the homes of the affected families to express his condolences said Rs 100,000 each would be paid for the two children (who are twins) of the deceased mother in Kadduwa while a financial donation would be made to the family of the 18-year schoolgirl to enable them to repair and make improvements to their small house at Kudaduwa.

The minister also said that Rs 15 million would be provided towards building strong enclosures for the detention of man-eating crocodiles. Chairman, Malimbada Pradesheeya Sabha Somasiri Weeraman also spoke. Provincial Council Member D.W. Prathapasinghe and several wildlife department officials accompanied the minister during the tour.

http://www.dailynews.lk/2012/04/18/news11.asp

No comments:

Post a Comment