Friday, April 20, 2012

දකුණු මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන 25 දා සිට

අකිත පෙරේරා

ප්‍රතිසංස්‌කරණය කරන ලද දකුණු මුහුදුබඩ දුම්රිය මාර්ගය අද (19 දා) විවෘත කළද එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය පිළිබඳව පරිපූර්ණ කාලසටහනක්‌ ක්‍රියාත්මක කරන්නේ ලබන 25 වැනිදා සිට බව දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. පී. ආරියරත්න මහතා 'දිවයින' ට පැවැසීය.

එතෙක්‌ එහි සීමිත වාර දුම්රිය සේවාවක්‌ ක්‍රියාත්මක කරන බවද කී ඒ මහතා තවමත් එහි සංඥ පද්ධතියේ පවතින සුළු සුළු අඩුපාඩු හේතුවෙන් මේ තීරණය ගන්නට සිදු වූ බවද කීය.

පෙර පරිදි එම මාර්ගයේ දුම්රිය ධාවනය කළහොත් ගැටලු පැන නගින බැවින් එලෙස සීමිත වාර දුම්රිය සේවාව ක්‍රියාත්මක කළද කාලසටහන සැකසූ පසු වැඩි දුම්රිය සංඛ්‍යාවක්‌ ධාවනය කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය.

ඉන්පසුව නව සිඝ්‍රගාමී දුම්රියක්‌ හෝ දුම්රිය දෙකක්‌ දකුණු මුහුදුබඩ දුම්රිය ගමනාගමනයට එක්‌ කරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවැසීය.


http://www.divaina.com/2012/04/19/news07.html

No comments:

Post a Comment