Wednesday, April 18, 2012

Crocs in Nilwala River to capture or not (2 items)

අල්ලන සතුන් දමන්න තැනක්‌ සොයනතුරු නිල්වලා ගඟේ කිඹුලන් ඇල්ලීම තාවකාලිකව නතර කර දමයි

චමින්ද සිල්වා

නිල්වලා ගඟේ සිටින මිනීමරු කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුම ඊයේ (17 වැනිදා) සිට තාවකාලිකව නතර කිරීමට වනජීවී නිලධාරීන් තීරණය කර ඇත.

කිඹුලන් ඇල්ලීමට පෙර ඔවුන් මුදාහැරීමට නිශ්චිත ස්‌ථානයක්‌ තෝරාගන්නා තෙක්‌ මෙලෙස මෙහෙයුම තාවකාලිකව නතර කළ බව වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය.

නිල්වලා ගඟේ කිඹුලන් කොපමණ සිටිනවාද කියා නිශ්චිත තොරතුරු නැති නිසා කිඹුලන් අල්ලා අවසන් බවටත් ගඟට බැසීම ආරක්‍ෂා සහිත බවටත් ප්‍රකාශ කළ නොහැකි බවත් හෙතෙම කීවේය.

කිඹුලන් වෙනත් ස්‌ථාන වලට රැගෙන යැමට තීරණය කිරීම දේශපාලන තීන්දු මත සිදුකරනු ලැබූවත් වඩාත් යෝග්‍ය වන්නේ මිනිසුන්ට ගඟ පරිහරණය කිරීමට වඩාත් ආරක්‍ෂිත කිඹුල් කොටු ඉදිකර දීම බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.


http://www.divaina.com/2012/04/18/news27.html


නිල්වලාවේ සෙසු කිඹුලන්ද ඇල්ලීමේ මෙහෙයුම් දිගටම
අනුර බාලසූරිය

මාතර නිල්වලා ගඟේදී කිඹුලා අල්ලාගත් ස්‌ථානය අවට ගඟ ප්‍රදේශයේ තවත් කිඹුලන් කිහිප දෙනකු සිටින බැවින් එම කිඹුලන්ද ඇල්ලීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බව වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ එම්. ඩී. රත්නායක මහතා පැවැසීය.

පසුගිය දින කිඹුලා අල්ලා ගත් ස්‌ථානය අවට ගඟ ප්‍රදේශයේදී තවත් කිඹුලන් තුන් හතර දෙනකු සිටිනා බවට වනජීවී නිලධාරීන් විසින් හඳුනාගෙන ඇත.

පසුගියදා අල්ලාගනු ලැබූ කිඹුලා යාල අභයභූමියේ කිඹුලන් සිටින ස්‌ථානයෙන් බැහැර හුදෙකලා ස්‌ථානයකට මුදාහැර ඇති බව ද රත්නායක මහතා පැවැසීය.

මෙම කිඹුලා එම ස්‌ථානයට ආගන්තුක බැවින් යාල අභයභූමියේ සිටින අනෙක්‌ කිඹුලන්ට මෙන්ම මෙම කිඹුලාටද හිරිහැර සිදුවිය හැකි බැවින් එම පරිසරයට හුරුවන තෙක්‌ හුදෙකලා ස්‌ථානයකට මුදාහැරීමට කටයුතු කර ඇත.

නිල්වලා ගඟෙන් අල්ලා මුදාහැරිය කිඹුලා ටික කලකින් එම පරිසරයට හැඩගැසී අනෙක්‌ කිඹුලන් සමඟ වාසය කිරීමට හුරුවනු ඇතැයිද රත්නායක මහතා කියා සිටී.


http://www.divaina.com/2012/04/18/provin01.html

No comments:

Post a Comment