Friday, April 20, 2012

අවුරුදු සමයේ ලංගමේ ආදායම ලක්‍ෂ පන්සිය පනහ ඉක්‌මවයි

අකිත පෙරේරා

සිංහල අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලයේ දිනක ආදායම රුපියල් ලක්‍ෂ 550 ද ඉක්‌මවා ඇත. එය සාමාන්‍ය දිනකට වඩා රුපියල් ලක්‍ෂ 100 ක පමණ වැඩිවීමක්‌ බව ලංගම සභාපති ශෂී වෙල්ගම මහතා 'දිවයින' ට පැවැසීය.

අවුරුදු සමයේ ලංගම විසින් වැඩිම ආදායමක්‌ උපයා ඇත්තේ පසුගිය 10 වැනිදා වන අතර එය රුපියල් ලක්‍ෂ 635 කි. පසුගිය 05 වැනිදා සිට 17 වැනි දින දක්‌වා ක්‍රියාත්මක කරන ලද ලංගම විශේෂ අවුරුදු සේවාව මගින් මෙම ආදායම ඉපැයූ බව ද ඒ සඳහා බස්‌ රථ 4500 ක්‌ පමණ යෙදවූ බව ද හෙතෙම කීය.

ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ උපදෙස්‌ මත විශේෂ අවුරුදු සේවාව ලංගම විසින් ක්‍රියාත්මක කළ බව පැවසූ ඒ මහතා ලංගම රියෑදුරන්, කොන්දොස්‌තරවරුන් සහ කාර්මිකයන් ඇතුළු සේවකයන් ලබාදුන් සහයෝගය මත අදාළ සේවා සාර්ථක කර ගැනීමට හැකි වූ බව ද පැවැසීය.

සාමාන්‍ය දිනකදී ලංගම රුපියල් ලක්‍ෂ 445 ත් 450 ත් අතර මුදලක්‌ උපයන බවද ශෂී වෙල්ගම මහතා වැඩිදුරටත් කියා සිටියේය.


http://www.divaina.com/2012/04/19/news27.html

No comments:

Post a Comment