Friday, April 20, 2012

සංචාරක කලාපවල පොලිස් ස්ථානයන්ට ඉංගී‍්‍රසි දැනුමැති නිලධාරීන්

ධනුෂ්ක ගොඩකුඹුර සහ නුවන් කොඩිකාර

ශ්‍රී ලංකාවේ සංචාරක කලාපවල පිහිටි පොලිස් ස්ථාන සඳහා මනා ඉංගී‍්‍රසි දැනුමකින් යුතු නිලධාරීන් යෙදවීමට රජය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව වැඩබලන ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

එම කලාප සඳහා යොදවා ඇති පොලිස් ජංගම සේවාවන්ද වැඩි කරන ලෙසද දැනුම් දී ඇති බව හෙතෙම කීවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අබේවර්ධන මහතා එසේ ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මෙම වසරේ මාර්තු මාසයේදී සංචාරකයන්ගේ පැමිණීම සියයට 20 කින් ඉහළ ගොස් ඇති බව පැවසූ ඒ මහතා ඉන් බහුතරයක් ලතින් හා කැරබියන් රටවල් නියෝජනය කරමින් පැමිණ ඇති බව ප්‍රකාශ කළේය.

සංචාරකයන් හට යම් යම් හිරිහැර හා බාධා කිරීම් කරන කිසිවකු ආරක්ෂා නොකරන බවත්, ඔවුන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇති බවත්, වැඩබලන ඇමැතිවරයා සඳහන් කළේය.

තංගල්ල ප්‍රදේශයේදී විදේශිකයකු ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ ප්‍රාදේශීය සභා සභාපතිවරයා ආරක්ෂා කිරීමට රජය මැදිහත් වන්නේදැයි මාධ්‍යවේදියකු නැ¼ගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අබේවර්ධන මහතා කියා සිටියේ කිසිවකු ආරක්ෂා කිරීමට වත්මන් රජය මැදිහත් නොවුණු බවත්, මින් ඉදිරියට ද එවැන්නක් සිදු නොවන බවත්ය.


http://www.dinamina.lk/2012/04/20/_art.asp?fn=n1204202

No comments:

Post a Comment