Wednesday, April 18, 2012

ජාතික පුෂ්පය මානෙල් මලේ වෙනසක්

ශීලා උඩුවර

නිමීෆියා නෟචලි යන උද්භිද නාමය ඇති මානෙල් මල ජාතික පුෂ්පය ලෙස නිගමනය කිරීම වඩාත් උචිත බව පරිසර අමත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍ර‍්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුවේ සාකච්ඡා වලදී විද්වතුන්ගේ අදහස වී ඇතැයි පරිසර අමාත්‍යාංශය කියයි.

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස මානෙල් මල ප්‍රකාශයට පත් කිරීමට 1986 වසරේදී අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ.

මෙහිදී ප්‍රකාශයට පත් කෙරුණු මලෙහි උද්භිද නාමය වුයේ නිමිෆියා ස්ටෙලාටා වන අතර නූතන ශාක නාමකරණයේ කාලීනව සිදුවන වෙනස්කම් නිසා එය පසුකාලීනව නිමිෆියා නෟචලි ලෙස වෙනස් වී ඇත. මේ නාම දෙකෙන්ම 1986 දී ප්‍රකාශිත ජාතික පුෂ්පය හැඳින්වේ.

මේ නාමයන්ට අදාළ වූ මානෙල් මලෙහි ඡායාරූප ඉදිරිපත් කිරීමේදී නමට නියමිත මල වෙනුවට වෙනත් මලක ඡායාරූපයක් ඉදිරිපත් වීම නිසා විෂමාචාර තත්ත්වයක් මතුවී තිබිණි. නිවැරදි පුෂ්ප නාමය හා රූපය පැහැදිලි කිරිම උදෙසා පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් කැබිනට්ි පත්‍රිකාවක්ද ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව 2011 වසරේදී පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලදුව එම කමිටුව සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර එහිදී විද්වතුන්ගේ නිගමනය වූයේ ,නිමිෆියා නෟචලි නාමයට ඇති මානෙල් මල ජාතික පුෂ්පය ලෙස නිගමනය කළ යුතු බවයි මේ අනුව මෙතෙක් ජන විඥානයේ තිබූ අප දැක පුරුදු මල වෙනස් වී නාමයට ගැලපෙන මානෙල් මල ප්‍රකාශයට පත් වීමට ඉඩ ඇත.

මේ පිළිබඳ අවසන් නිගමනය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා උසස් නිලධාරින්ගේ කමිටුවක්ද පත් කර තිබේ. ඒ අනුව විද්වතුන්ගේ තීරණය උසස් නිලධාරින්ගේ කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එම කමිටුව වැඩිදුරටත් මෙය විමර්ශනයට ලක්කර වඩාත්ම සුදුසු නිර්දේශය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරි පත් කරනු ඇත.

http://www.dinamina.lk/2012/04/18/_art.asp?fn=n1204184

No comments:

Post a Comment