Wednesday, April 11, 2012

සතොසත් වටලන්න

- ඇමැති ජොන්ස්‌ටන්

වෙළෙඳසල් වැටලීම් සිදු කිරීමේදී ලංකා සතොස ගබඩා හා වෙළෙඳසල් ද වැටලීමට කටයුතු කරන්නැයි සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියේ සභාපති රූමි මර්ෂුක්‌ මහතාට උපදෙස්‌ දුන්නේය.

ඇමැතිවරයා මෙම උපදෙස්‌ දෙනු ලැබුවේ ඊයේ (10 වැනිදා) රත්මලානේදී පැවැති සතොස 266 ශාඛාව විවෘත කිරීමේ උළෙලට සහභාගි වෙමිනි.

පෞද්ගලික අංශය, ගමේ කඩේ, සුපිරි වෙළෙඳ සල් රාජ්‍ය අංශය කියල නෑ නීතිය කාටත් පොදුයි. අපට අවශ්‍ය වන්නේ පාරිභෝගිකයන්ට ආරක්‍ෂා කිරීමත් ඔවුන්ට ප්‍රමිතියෙන් යුතු භාණ්‌ඩ ලබාදීම සහ වෙළෙඳ පොළ විනය ආරක්‍ෂා කිරීමක්‌ පමණයි. ලංකා සතොස සහ සමුපකාරය හරහා අපට මිල තීරකයකු ලෙස කටයුතු කරන්න හැකිවී තිබෙනවා. ලංකා සතොස ශ්‍රී ලංකාවේ දැවැන්තම සුපිරි වෙළෙඳ සල් ජාලයට එක්‌වී හමාරයි. සාධාරණ වෙළෙඳ පොළක්‌ නිර්මාණය කිරීමටත් පාරිභෝගිකයන්ට සාධාරණ මිලක්‌ ලබා දීමටත් අප නිරන්තරයෙන් කැප වෙලා ඉන්නවා.

ජනතා විමුක්‌ති පෙරමුණ කියනවා අපි මැජික්‌කාරයන් කියලා. නමුත් මැජික්‌ පෙන්නන්නේ අපි නෙවෙයි. ඔය පොඩි උද්ඝෝෂණයක්‌ කරලා ජවිපෙ පෙන්නන මැජික්‌ ඔක්‌කොම අසාර්ථකයි. විපක්‍ෂය තමයි බඩු මිල වැඩියි කියලා නිතරම කෑ ගහන්නේ. ඒ දේශපාලන වාසි ගන්න. මේකෙන් වෙන්නේ ඔවුන් බඩු මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රචාරක ඒජන්තවරු ලෙස කටයුතු කිරීමයි. අපි මොන ප්‍රශ්න ආවත් පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටිනවා යෑයිද ඇමැතිවරයා උත්සව සභාව අමතා ප්‍රකාශ කළේය.


http://www.divaina.com/2012/04/11/news26.html

No comments:

Post a Comment