ශිරාන් රණසිංහ
ඉහළ කාර්යක්‌ෂමතාවක් සහිත සී. එෆ්. එල්. විදුලි පහන් භාවිත කරමින් විදුලිය අරපිරිමැස්‌මෙන් භාවිත කළහොත් දිනකට රුපියල් තුන්කෝටි පනස්‌ලක්‍ෂයක් ඉතිරි කර ගත හැකි යෑයි සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය ගණන් බලා ඇත.
මෙම බල්බ නිසා 2009 සහ 2010 වසර දෙක තුළදී ජාතික විදුලි පද්ධතියට වාර්ෂික විදුලි ඒකක ගිගාවොට් පැය 574 ක් ඉතිරිව ඇති බවද එම අධිකාරිය පවසයි.
මේ වන විට සී. එෆ්. එල්. විදුලි පහන් භාවිතය ඉහළ ගොස් ඇති අතර 2009 වසරේදී මෙම විදුලි පහන් ලක්‍ෂ 124 ක් ආනයනය කර තිබූ අතර 2010 වසරේදී එය ලක්‍ෂ 173 දක්‌වා ඉහළ ගොස් ඇත.
http://www.divaina.com/2011/11/13/news07.html
No comments:
Post a Comment