සුභාෂිණි සේනානායක
ඉදිරියේ දී දක්ෂිණ අධිවේගී මාර්ගය මංතීරු හයක් දක්වා පුළුල් කිරීමට රජය තීරණය කර තිබේ.
දෙවන අදියරේදී පුළුල් කිරීමට සැලසුම් කර තිබෙන මේ මංතීරු දෙක සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු හා මංතීරු තැනීමේ කටයුතු අවසන් කර ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිමල් චන්ද්‍රසිරි මහතා ඊයේ (16 දා) අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් පැවසීය.
රුපියල් බිලියන 85ක වියදමෙන් ඉදිකළ මෙරට ප්‍රථම අධිවේගී මාර්ගය වන ආශ්චර්යයේ පිවිසුම් මාර්ගය මේ මස 27 දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.
කොට්ටාවේ මං සන්ධියෙන් ආශ්චර්යයේ පිවිසුම් මාර්ගය ආරම්භ වන අතර ප්‍රවිශ්ට මාර්ග අටක් ස්ථාපිත කර තිබේ.
කොට්ටාවේ සිට පින්නදූව දක්වා කිලෝමීටර් 95.75 දිගින් යුත් මේ මාර්ගයේ ධාවන කාලය පැයකි. ගැලනිගම ප්‍රධාන හදිසි අනතුරු ඒකකය පිහිටා ඇති අතර කුරුඳුගහ හැතැප්ම හදිසි අනතුරු ඒකක දෙකක් ස්ථාපිත කර තිබේ. අධිවේගී මඟෙහි යොදවා ඇති මාර්ග සංවර්ධන කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 500 කි. පොලිස් නිලධාරින්ගේ සංඛ්‍යාව ද 500කි. කාර් 9ක්, යතුරු පැදි 9ක්, ගිලන්රථ 6ක්, පොලිස් රථ වාහන 2ක්, බවුසර් 3ක්, ගිනි නිවන රථ 3ක් මේ වන විට සේවයේ යොදවා තිබේ. කොට්ටාවේ සිට කිලෝමීටර් 44ක් දුරින් ඉන්ධන පිරවුම් හලක් පිහිටුවා ඇත. අධිවේගී මඟට ප්‍රවිශ්ට වීමේ දී ටිකට්පතක් නිකුත් කරනු ලබන අතර පිටවීමේ දී මුදල් අය කෙරේ.
ශ්‍රී ලංකාවේ ඉදි වූ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය මෙරට සංවර්ධන ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 27 දා ජනතා අයිතියට පත් කෙරේ.
http://www.dinamina.lk/2011/11/17/_art.asp?fn=n1111172
No comments:
Post a Comment