නෝමන් පලිහවඩන
මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් විකුණනු ලබන වෙළෙඳුන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා පාරිභෝගික අධිකාරිය මගින් රටපුරාම වැටලීම් කණ්‌ඩායම් දැන් යොදවා ඇතැයි එම අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා "දිවයින"ට ඊයේ ප්‍රකාශ කළේය.
දැනටමත් සැකසහිත පොල්තෙල් බෝතල් 75 ක් පමණ සොයාගෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොල් පර්යේෂණායතනයට භාරදුන් බවද රූමි මර්ෂුක් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පොල්තෙල්වලට ෆාම් තෙල් හරිහරියට කලවම් කරන බවට පාරිභෝගික අමාත්‍යාංශයට ලැබෙන පැමිණිලි අනුව මෙම වැටලීම් ආරම්භ කළ බව ද ඔහු කීය.
මෙසේ බාලකරන ලද පොල්තෙල් විකුණන වෙළෙඳුන් පිළිබඳ තොරතුරු ඇතොත් පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන ලෙසද රූමි මර්ෂුක් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
http://www.divaina.com/2011/11/04/news25.html
No comments:
Post a Comment