Saturday, November 12, 2011

ළමයින් අතර දියවැඩියාව ඉහළ ගිහින්

සුනිල් දයා අල්විස්

මෙරට දියවැඩියාවට ගොදුරු වන ළමයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ නඟිමින් පවතින බැව් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ළමාබදුසූරිය මහතා පෙන්වා දෙයි. වැඩිහිටි ජනතාවට මෙන්ම බාල පරම්පරාවට ද දියවැඩියාව එක සේ පීඩාවක් වී ඇති බවද ඔහු සඳහන් කරයි.

1970 සහ 1990 යන දශක දෙකක කාලයට වඩා 1990න් පසුව දියවැඩියාවට ගොදුරුවන ළමයින්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ළමයින්ගේ දෛනික ක්‍රියාකාරකම් අඩුවීම, වැරදි ආහාර රටාවන්, පිෂ්ඨය සහ සීනි අධික ආහාර, ව්‍යායාම් මඳ බව, මෙන්ම රූපවාහිනිය, පරිගණකය වැනි ශාරීරික ව්‍යායාම් සිදු නොවන කටයුතුවල ළමයින් වැඩිවේලා කාලය ගත කිරීම යනාදී හේතු ළමයින් අතර දියවැඩියාව බහුල වීමට හේතු වී තිබෙන බවත් මහාචාර්යවරයා තවදුරටත් පෙන්වා දෙයි.


http://www.silumina.lk/2011/11/13/_art.asp?fn=aa1111137

No comments:

Post a Comment