මේ අතර නාවික භටයන් හා නිලධාරීන් පිරිසක් එක් විශේෂිත වූ ගමනක් යැමට ලකලෑස්‌ති වෙමින් සිටියෝය. කඳවුරේ ඇති ජැටියේ ඒ. 543 නමැති නෞකාව නැංගුරම්ලා තිබේ. නෞකාව නැංගුරම්ලා ඇත්තේ මේ විශේෂිත වූ මුහුදු ගමන සඳහා සහභාගි වන මගීsන් රැගෙන යැම සඳහා ය.
වේලාව උදෑසන 6.30 ට පමණ වන්නට ඇත. දරුමල්ලන්ද වඩාගත් පිරිසක් නාවික කඳවුරේ දොරටුවෙන් ඇතුල් වෙති. කාර් රථවලින් බැසගත් තවත් පිරිසක් තම අඹු දරුවන් සමග කඩිමුඩියේ නෞකාව අසලට පැමිණෙමින් සිටියහ.
නෞකාව අසල සිටින නාවික භටයන් කිහිපදෙනකු මේ අයගේ අනන්‍යතාව පරීක්‌ෂා කරමින් නෞකාවට ගොඩකරති. නාවික භටයන් මෙන්ම නිලධාරීන්ද නෞකාවට ගොඩවන සියලු මගීන් සිනහමුසු මුහුණින් යුතුව පිළිගනිති.
No comments:
Post a Comment