Saturday, November 5, 2011

මුහුදෙන් එන මතට නාවික හමුදාවෙන් වැට

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්


නීති විරෝධී මත්ද්‍රව්‍ය මුහුදු මාර්ග ඔස්සේ රට අභ්‍යන්තරයට ගෙන ඒම වළක්වාලමින් නාවික හමුදාව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. නාවික හමුදාවේ නැව් ඩෝරා යාත්‍රා කුඩා යාත්‍රා මේ සියලුම අංශ ඒකාබද්ධව මේ මෙහෙයුම් සිදු කරන බව නාවික හමුදාව පවසයි. ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපය යොදා ගනිමින් ප්‍රධාන ජාවාරම් තුනක් සිදු කෙරෙන බවත් එම ජාවාරම් මැඩලීමට නාවික හමුදාව විශේෂ ක්‍රම උපායන් භාවිත කරමින් වැටලීම් සිදු කරන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා ඊයේ (04) දිනමිණට පැවසීය.


යාත්‍රා, නෞකා, කුඩා යාත්‍රා යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ගෙන ඒම, පුද්ගලයින් විදේශ රටවලට අනවසරයෙන් ගෙන ඒම සහ නොයෙක් භාණ්ඩ මෙරටට ගෙන ඒම ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන ජාවාරම් තුන බව වර්ණකුලසූරිය මහතා අවධාරණය කළේය. මේ වන විට මෙම මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන බවත් හෙරොයින්, ගංජා වැනි මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි වූ බවත් වර්ණකුලසුරිය මහතා පෙන්වා දෙයි.

http://www.dinamina.lk/2011/11/05/_art.asp?fn=n1111056

No comments:

Post a Comment